gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අබිරහස් ලෙස මිය ගිය කරාපිටිය රෝහලේ වෛද්‍යවරයාගේ ශරීර කොටස් රස පරීක්ෂකට!

සිය නිවස තුළදී   අභිරහස් ලෙස මියගිය  කරාපිටිය ශික්ෂණ රෝහලේ විකිරණ අංශයේ සේවය කළ වෛද්‍යවරයාගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බැව්   කරාපිටිය ශික්ෂණ රෝහලේ   අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි.

මිය ගගොස් සිටියේ ගාල්ල තලගහහේන පටුමග යන ලිපිනයේ පදිංචි  පරණ පල්ලිය ගුරුගේ ප්‍රභාත් චාමර සම්පත් (38)  නැමැති එක්දරු පියෙකි. මෙම වෛද්‍යවරයා  ඔහුගේ නිවසේදී  අභිරහස් ලෙස මියගොස් සිටියදී පොලීසිය විසින්  සොයා ගනු ලැබුවේය.

 වෛද්‍යවරයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය වෛද්‍ය පීඨයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය යු.සි.පි. පෙරේරා විසින්  කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදු කළේය.
වෛද්‍යවරයාගේ සිරුරේ කොටස්  වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා  රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකොට දේහය නිදහස් කරනු ලැබීය.

ඔහුගේ බිරිදද කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන  වෛද්‍යවරියකි. මෙම සිද්ධිය වන අවස්ථාවේ එම වෛද්‍යවරිය නිවසේ සිට නැත.

ගාල්ල පොලිසිය මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka