gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැලන්ටයින් දවසේ තරුණ තරුණියන් ලක්ෂ ගාණක් කරපු වැඩේ බලන්න...හෝටල් කාමර පිරී යයි

ආදරවන්තයන්ගේ දිනය යෙදී තිබුණු ඊයේ (14) දිනයේදී රෝස මල් මිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් අලෙවි වූ බව මල් අලෙවිකරුවෝ පවසනවා.

පසුගිය වසරට (2023) සාපේක්ෂව මේ වසරේදී රෝස මල් අලෙවිය සියයට සියයකින් පමණ ඉහළ ගොස් තිබූ බවයි ඔවුන් අවධාරණය කර සිටින්නේ.

දිවයිනේ මල් අලෙවි කරන ස්ථානවලින් රතු රෝස ඇතුළු විවිධ මල් වර්ග මිලදී ගැනීම සඳහා පෙරේදා (13) සවස් කාලයේ සිටම දැඩි ඉල්ලුමක් පැවැති බවයි මල් අලෙවිකරුවන් පවසන්නේ.

තනි රෝස මලක් රුපියල් 300 සිට රුපියල් 1,000 දක්වා විවිධ මිල ගණන්වලට මල් අලෙවිසල්වලින් අලෙවි කර තිබුණා.

එමෙන්ම රෝස මල් පොකුරක් රුපියල් 3,000 සිට 6,000 දක්වා විවිධ මිල ගණන්වලට අලෙවි කෙරුණු බවයි වාර්තා වන්නේ.

රෝස මල් අලෙවියෙන් මල් අලෙවිකරුවන් ඊයේ දිනයේදී පමණක් රුපියල් කෝටි 1,200 කට වැඩි ආදායමක් උපයා තිබීමද විශේෂත්වයක්.

රෝස මල්, මල් පොකුරුවලට අමතරව නිර්මාණය කරන ලද ‘ටෙඩී බෙයාර්’ මිලදී ගැනීමටද විශාල ඉල්ලුමක් පැවැති බවයි විසිතුරු නිර්මාණ අලෙවිකරුවෝ පවසන්නේ.

මෙම ‘ටෙඩී බෙයාර්’ එකක් රුපියල් 500ත් 1,500ත් අතර මිලකට අලෙවි කෙරේ.

මීට අමතරව ආදරවන්තයින්ගේ දිනයේදී මෙරට තරු පන්තියේ හා අනෙකුත් හෝටල්වල කාමර රැසක් පෙම්වතුන් විසින් වෙන්කරගෙන තිබූ බව වාර්තා වනවා.

මෙම පෙම්වතුන් අතර විදෙස් රටවල සිට මෙරටට පැමිණි සංචාරකයෙන්ද වේ.

මෙරට තරු පන්තියේ හෝටල් කාමර 15,000ක්ද, අනෙකුත් හෝටල් කාමර 40,000ක්ද පවතින සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

ආදරවන්ත‍ෙන්ගේ දිනය වෙනුවෙන් සංචාරක හා අනෙකුත් හෝටලවල විවිධ වැඩසටහන් පවා සංවිධානය කර තිබූ අතර, පෙම්වතුන් සඳහා විවිධ පැකේජ පවා හෝටල්වලින් ලබාදී තිබූ බවයි වාර්තා වන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka