gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනප්‍රිය ඉන්දීය නිළි මල්ලිකා රාජ්පුත් අබිරහස් ලෙස මිය යයි! : සියදිවි නසාගැනීමක් බවට සැකයක්!

ගායිකාවක් සහ නිළියක් ලෙස ඉන්දියාවේ ජනප්‍රිය මල්ලිකා රාජ්පුත් (Mallika Rajput) ඊයේ (13) සිය නිවස තුළ ම සැක කටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

35 හැවිරිදි ඇගේ මරණය සියදිවි නසාගැනීමක් ලෙස වාර්තා වන අතර දේහය සුල්තාන්පූර් හි සිටකුන්ඩ් ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේ සිවිලිමේ විදුලි පංකාවක එල්ලී තිබියදී සොයාගත් බව‍යි සඳහන් වන්නේ.

මල්ලිකාගේ හදිසි වියෝව ආශ්‍රිත තත්ත්වයන් අපහැදිලි බවයි ඉන්දීය බලධාරීන් සඳහන් කරන්නේ.

ඇයගේ මව වන සුමිත්‍රා සිංගේ අනාවරණයන්ට අනුව පවුලේ පිරිස් නිදා සිටි බැවින් මල්ලිකාගේ මරණය කෙසේ සිදුවූවාද යන්න නොදන්නා බව සඳහන්.

''කලින් දොර වැහුවා... ලයිට් දාලා තිබුණෙ...

අපි දොර අරින්න හැදුවත් බැරි වුණා.

අන්තිමට මම ජනේලයෙන් බැලුවා. එතකොට ඇය කාමරයේ හිටගෙන ඉන්නවා වගේ දැක්කා.

අපේ දුව ගෙල වැළලාගෙන !!

පස්සෙ මම මගේ සැමියාටත් අනෙක් අයටත් කතා කළා...''

ඉන්දීය වාර්තාවන්ට අනුව එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඇගේ මරණය මූලික වශයෙන් සියදිවි නසාගැනීමක් වන බවයි.

කෙසේ නමුත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු මරණයට නිශ්චිත හේතුව දැනගත හැකි වනු ඇති බවයි ඔවුන් පෙන්වා දී තිබුණේ.

මල්ලිකා රාජ්පුත් වඩාත් ජනප්‍රිය වූයේ කන්ගනා රනවුත් රඟපෑ Revolver Rani චිත්‍රපටයේ සහය භූමිකාව රඟපෑ චරිතය ලෙසයි.

එමෙන්ම ඇය 2016 දී භාරතීය ජනතා පක්ෂයට (BJP) සම්බන්ධ වූ අතර ඉන් වසර දෙකකට පසුව ඉවත්ව තිබෙනවා.

ඇය මෙලෙස විනෝදාස්වාද කර්මාන්තයෙන් සහ දේශපාලන භූමිකාවෙන් කෙටි කලකින් ඉවත් වූ පසු අධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වූ බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka