gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාන්තාවක් සැමියා ලවා පැරණි පෙම්වතාව සම්පූර්ණයෙන්ම නිරුවත් කර කකුල් කඩයි

කාන්තාවක සිය සැමියා ලවා පැරණි පෙම්වතා නිරුවත් කර කකුල් දෙකම කඩා දැමීමේ පුවතක් අමුතුම පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මීට වසර දහයකට පමණ පෙර ගාල්ල කාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටිය දී ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වී ඇති අතර කාර්මික විදුහල් අධ්‍යාපනයෙන් පසුව අදාළ තරුණිය එම සම්බන්ධතාවය නවත්වා වෙනත් විවාහයක් කර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

පැරණි පෙම්වතා ඇය සමඟ දුරකථනයෙන් සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇති අතර නිතරම ඔහු දුරකථන ඇමතුම් දීම සමහර අවස්ථාවල ඇයට කරදරයක් වී ඇති බවයි පැවසෙන්නේ.


මෙම සිදුවීම ඇය සිය සැමියාට පවසා ඇති අතර ඔහු පැරණි පෙම්වතාව දඩල්ල මුහුදු වෙරළට එක්කරගෙන එන ලෙස බිරිඳට පවසා ඇත.

ඒ අනුව 39 වැනි වියේ පසුවන අවිවාහක පෙම්වතා සිය පැරණි පෙම්වතිය හමුවීමට දඩල්ල මුහුදු වෙරළට පැමිණ තිබේ.

මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, පළමු පෙම්වතිය සමඟ කතා කිරීමට පැමිණි ඔහු පෙම්වතිය වෙත ගිය අවස්ථාවේ දී සැඟව සිටි ඇයගේ සැමියා එක් වරම යකඩ පොල්ලකින් පහර දී ඔහුගේ පාද දෙකම කඩා දමා සම්පූර්ණයෙන්ම නිරුවත් කර ඇති බවයි.

ඒ සමගම ඇය බස් රථයක නැගී ගොස් ඇති අතර සැමියා ද තවත් අයෙකු සමඟ යතුරුපැදියේ නැගී පලා ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මුහුදු වෙරළට පැමිණි පුද්ගලයකු තුවාල ලබා සිටි මෙම නිරුවත් පුද්ගලයා දැක පොලිසියට දැනුම් දී ඔහුව රෝහල් ගත කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka