අද (12) සවස ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් කොළඹ බලා පැමිණීමටට ගුවන් ගත වූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් ගුවනේ දී ඇතිවූ හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් ගුවන් ගතවී ටික වෙලාවකින් අනතුරුව යළි මෙල්බර්න් ගුවන් තොටපලට ගොඩ බස්වා ඇති බව ජාත්‍යාන්තර මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධියට මුහුණ දී ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL605 ගුවන් යානය ය. යානය ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙලාවෙන් පස්වරු 6.30ට මෙල්බර්න් ගුවන් තොටුපළෙන් ගුවන් ගත වූ නමුත් ඉක්මනින්ම හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර නැවත වික්ටෝරියා වෙත පැමිණීමට අවසර ඉල්ලා ඇත.
කෙසේ වෙතත් එයාර්බස් A330 යානය රාත්‍රී 7.24 ට ආරක්ෂිතව නැවත මෙල්බර්න් වෙත ගොඩ බස්වා තිබේ. ට්‍රැවල් ටෝක් වෙබ් අඩවිය අනුව මෙම හදිසි ගොඩබෑමට හේතු වී ඇත්තේ නියමු කුටිය තුළ දුමක් වාර්තා වීමය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිද්ධිය සම්බන්ධ ඍජුව අදහස් නොදැක්වූ නො නමුත් එය තාක්ෂණික ගැටලුවක් බව ප්‍රකාශ කර ඇතැයි ඇතැයි ඔස්ට්‍රේලියාවේ 7 NEWS වෙබ් අඩවිය ප්‍රකාශ කර ඇත. යානයේ සිටි සියලුම මගීන් ආරක්ෂිත බව ද ශ්‍රී ලංකන් ගුවන් සේවය තහවුරු කර තිබේ.
“තාක්ෂණ ශිල්පීන් කණ්ඩායමක් දැනට යානය තක්සේරු කරමින් සහ තාක්ෂණික සහාය ලබා දෙමින් සිටී.” ශ්‍රී ලංකන් ප්‍රකාශ කර තිබේ.
හදිසි අවස්ථාවක දී ක්‍රියාත්මක විය යුතු පෙරසූදානම සහිත මෙල්බර්න් ගුවන් තොටුපල නිශ්ඡිත ක්‍රියා පටිපාටිය අනුව පූර්වාරක්ෂක වැඩපිළිවෙළ තුළ ක්‍රියා කළ බව ගුවන් තොටුපල ප්‍රකාශකයෙක් පවසා ඇත.
මගීන්ට හෝටල් නවාතැන් පහසුකම් සපයා ඇති අතර ගුවන් ගමන් කාලසටහන් වෙනස් කරමින් පවතී.