gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෙම් සබඳතාවය බිඳ වැටී පාසල් සිසුවියක් ගෙල වැළලා ගනියි

ප්‍රේම සබඳතාවය බිඳවැටීම හේතුවෙන් මුලතිව්, පුදුකුඩිඉරිප්පු, ඉරණපලෙයි ප්‍රදේශයේ වයස අවුරුදු 17ක පාසල් සිසුවියක් ඊයේ (12) සිය නිවසේදී ගෙල වැළලාගෙන මියගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා.

මියගිය සිසුවියගේ නිවසට යාබද අසල්වාසීන් නිවසේ කිසිවෙකු නොමැති නිසා සිසුවියට කතා කොට ඇති අතර, නිවස තුළ සිටි ඇයගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොමැති නිසා නිවසට ඇතුළුවී බලන අවස්ථාවේදී ඇය නිවසේ බාල්කයක එල්ලි සිටිනු දැක තිබෙනවා.

එහිදී වහාම ක්‍රියාත්මක වූ අසල්වාසීන් ඇයව පුදුකුඩිඉරිප්පු රෝහල වෙත රැගෙන ගොස් ඇතත්, ඇය ඒ වන විටත් මියගොස් සිටි බවයි වෛද්‍යවරු සඳහන් කර ඇත්තේ.

එස්. නිදර්ශිනී නැමති මෙම සිසුවිය 12වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අතර, පැවති ප්‍රේම සබඳතාවයක් බිඳවැටීම හේතුවෙන් ඇති වූ සිත් තැවුලක් මත මෙලෙස සියදිවි නසා ගෙන ඇති බවටයි පොලිසිය සැකකරනු ලබන්නේ.

පුදුකුඩිඉරිප්පු පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka