gossip lanka

රටම කම්පා කරමින් අටළුගම ෆාතිමා අයේෂා දැරිය ඝාතනය කළ ඝාතකයාට වසර 27ක සිර දඬුවමක්! ලක්ෂ 30ක දඩයක්!

රටම කම්පා කළ ඝාතනයක් වූ  අටලුගම  09 හැවිරිදි පාතිමා අයේෂා අක්‍රම් දැරිය   පැහැරගෙන ගොස් මඩේ ගිල්වා මරා දැමීමේ චෝදනාවලට වරද පිළිගත් නඩුවේ ප්‍රධාන විත්තිකරු වූ  මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ගනේෂනාදන් (30) නැමැත්තාට  අද (13) පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර  විසින්  බරපතළ වැඩ සහිත වසර 27ක සිරදඬුවමක්  නියම කළේය.
අද දණ්ඩනයට ලක් වූ  මෙම ළමා ඝාතකයා දරුවන් සිවු දෙනෙකුගේ පියෙකි.


මියගිය දැරියගේ මව වෙත රුපියල් ලක්ෂ 30 වන්දියක් ගෙවන ලෙසත්  එකී වන්දිය නොගෙවන්නේ නම් වසර හය හමාරක ලිහිල් සිරදඬුවම් ලබා දෙන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.

2022 මැයි මස 27 හෝ ඊට ආසන්න දිනක නිවස ආසන්නයේ වෙළද සැලකට ගොස් සිටියදී ඇයව රවටා පැහරගෙන ගොස් අවට ලදු කැලෑවක මඩ වගුරක ඔබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ චෝදනා යටතේ පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්කි ගොනුකිරීමෙන් පසු නීතිපති වරයා විසින් මහාධිකරණය හමුවේ සැකකරුට එරෙහිව නඩු පවරා තිබුණි

ඝාතන සිද්ධිය
2022.05.27 වනදා නිවස ආසන්නයේ වෙළෙඳසැලකය ගොස් ආපසු නිවස කරා පැමිණෙමින් සිටියදී මෙම ඝාතකයා දැරිය දූෂණය කිරීමේ අරමුණින් ඇයව රවටා අවට පිහිටි ලඳු කැළෑවකට රැගෙන ගොස් මඩේ ඔබා ඝාතනය කර තිබිණි.

ඝාතකයා  දැරියගේ පියා සමග එකට එක්ව අයිස් මත් ද්‍රව්‍ය භාවිතයට හුරු වූ පුද්ගලයෙකි. මේ පුද්ගලයා  බණ්ඩාරගම, අටුළුගම මුස්ලිම් කොලනිය ප්‍රදේශයේ  පදිංචි වී සිටි අයෙකි.


වාර්තාවන පරිදි සිද්ධිය වූ 2022.05.27 දා  ඝාතනයට ලක්වූ අයේෂා දැරිය නිවස අසල කුකුළු මස් වෙළද සැලකට ගොස් සිටියදී සැකකරුද අයිස් මත්ද්‍රව්‍ය පානය කොට එහි සිට ඇත.  දැරියට පෙර සැකකරු  වෙළද සැලෙන් පිටවී දැරිය එන මග අතුරු පාරක සිට ඇත.

ඇය එතැනින් යන විට මෙම පුද්ගලයා ඇයට කතා කර තිබේ. සිය පියා සමග නිතර සිය නිවසට යන එන හොඳින් දන්නා හඳුනන මේ වැඩිහිටියා කතා කළ පසු දැරිය එම ස්ථානයට ගොස් ඇත.

මේ අවස්ථාවේ දී ප්‍රදේශවාසී කාන්තාවක් ඇයව දැක කුමක් නිසා එතැන රැඳී සිටින්නේදැයි විමසූ විට දැරිය පවසා ඇත්තේ සිය සීයා එන තුරු සිටින බවය. ඊට නුදුරින් මෙම සැකකාර ඝාතකයා සිට ඇත. මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නේ මෙම කාන්තාව ලබා දුන් තොරතුරු මතය.

එහිදී සැකකාර ඝාතකයා පොලිසියට පවසා ඇත්තේ කාන්තාව එතැනින් පිටව ගිය අවස්ථාවේ ඔහු මේ දැරියගේ අතින් ඇදගෙන ලඳු කැලෑවට යන්නට උත්සාහ කළ බවය.


එහිදී දැරිය බියවී කෑ ගසා ඇති නිසා ඔහු ඇයගේ මුව වසා ඇත. එහිදී දැරිය මරබියෙන් දඟලන්නට වූ නිසා දැරියගේ මුව වසා මීටර් කීපයක් ඉදිරියට ඇදගෙන ගොස් ප්‍රාණය නිරුද්ධවනතුර මඩේ ඔබාගෙන සිටි බවත්,   ගිලී ගිය දැරියගේ  පිටට සිය දණහිස තබාගෙන තද කරගෙන සිට ඇති බවත් පොලිසිය හෙළි කළේය.

දැරිය ඝාතනය කල මෙම පුද්ගලයා අනතුරුව අතුරුදහන් වූ   දැරිය සෙවීමට   ගමේ තරුණ පිරිස් හා එක්ව සිටියේය.  වසරකුත් මාස 09කට පසු ඝාතකයාට මේ දඬුවම හිමි වී තිබේ.
gossip lanka