gossip lanka

ස්කූටියක් අනතුරට පත් කර අක්කාගේ වෙඩින් එකට ගිය ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයා පොලීසිය මගහරිනවලු (PHOTOS)

ක්‍රිකට්වලට බොහෝ දෙනෙක් ආදරය කරනවනේ. 

 වගේම තමයි ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් බොහෝ දෙනෙක් ආදරය කරනවා.

හැබැයි මේ වගේ ක්‍රීඩකයින් නිසා සමහර අවස්ථාවල ක්‍රිකට් ක්‍රීඩකයින් කෙරෙහි තිබෙන කැමැත්ත නැති වෙලා යනවා.

පසුගිය 22 වෙනිදා සිදුවෙලා තියෙන්නේ අන්න ඒ වගේ සිදුවීමක්.

ඔහු නිතර නිතර ශ්‍රී ලංකා ජාතික සංචිතයට එක්වන ක්‍රීඩකයෙක්.

ඒ වගේම පසුගිය ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන ටෙස්ට් සංචිතය සඳහාද ඔහු තේරීපත් වී තිබුණා.

එතරම් ජනප්‍රිය නොවුනත් ඔහුගේම නමේ අග කොටස ඇති ජනප්‍රිය ක්‍රීඩකයකුත් තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ලබනවා.

පසුගිය 22 වෙනිදා ඔහු තම මෝටර් රථයෙන් පිටත්ව යන්නේ තමන්ගේ සහෝදරියගේ විවාහ මංගල්‍යයට.

කාර් රථය පන්නිපිටිය අසලදී හදිසි අනතුරකට ලක් වෙනවා.

ස්කුටි බයික් එකක ඔහුගේ කාර්  රථය ගැටෙනවා.

ඒ ගැටීමත් සමගම ඒ ස්කූටියේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු අනතුරට පත් වෙනවා.

එක් අයකුගේ කකුල තුනට කැඩෙද්දී අනෙකාගේ අතක අස්ථියද බිඳී යනවා.

ඉතින් මේ දෙදෙනාව රෝහල් ගත කරද්දි අර ක්‍රිකට් ක්‍රීඩකයා මහරගම පොලීසිය වෙත රැගෙන යනවා.

කෙසේ නමුත් අක්කගේ විවාහ මංගල්‍යය නිසා පොලීසියට බැගෑපත් වී එයට සහභාගී වන්නටත් නැවත පොලීසියට එන බව කියමිනුත් පිටත්ව යන්නට  අවසර ඉල්ලනවා.

ඉන් පසු පොලිසියේ සහ  අගතියටපත් පාර්ශවයේ කැමැත්ත ඔහුට යාමට අවස්ථාව ලැබෙනවා.

ඒත් ඉන්පසු ඔහු පොලිසීය මගහැර සිටින බවටයි සඳහන් වෙන්නේ.

මේ සඳහා වූ පරීක්ෂන කටයුතු මහරගම පොලීසිය විසින් සිදු කරන බවත් සඳහන් වෙනවා.

කෙසේ නමුත් අගතියට පත් පුද්ගලයින් දෙදෙනා ගැන සොයා බැලීමට එම ක්‍රීඩකයා ගොස් නැති බවත් ඔහුගේ පියා එකම වරක් ගොස් ඇති බවත් සඳහන්.
gossip lanka