gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සනත්ගේ වාර්තාව අවුරුදු 24කට පසු පැතුම් බිඳ දමයි!

අද (09) දින ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරු පැතුම් නිස්සංක සිය සිව්වැනි එක්දින ශතකය සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව පළමු ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත් විය.

පසුගිය 2000 වසරේදී ලකුණු 189ක් රැස් කරමින් ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය තබා තිබූ වාර්තාව වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පැතුම් නිස්සංක බිඳහෙලනු ලැබුවේය.

පැතුම් නිස්සංක ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පන්දු යවන්නන්ට නොනවතින ප්‍රහාරයක් එල්ල කරමින් ලකුණු 200යේ සීමාව ඉක්මවා ගියේ ද්විත්ව ශතයක් ලබාගත් පළමු ශ්‍රී ලංකික ක්‍රීඩකයා බවට පත් වෙමින්ය.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග පැවති පළමු තරගයේදී ඇෆ්ගනිස්ථාන පන්දු රකින්නන් ප්‍රෙක්ෂකයන් බවට පත් කරමින් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 139කදී නොදැවී ලකුණු 210ක් ලබාගැනීමට සමත් වු අතර ඔහුගේ ඉනිමට හයේ පහර 8ක් සහ හතරේ පහර 20ක් ඇතුළත් වේ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 381ක් ලබාගැනීමට සමත් විය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka