gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දැරියක අපයෝජනය කළැයි අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු අධිකරණ වැසිකිළියේදී සියදිවි නසාගෙන!

වයස අවුරුදු 12ක දැරියකට බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධන්ධයෙන් උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාර නියමවූ අයෙකු අධිකරණ වැසිකිළියක් තුළදී සියදිවි නසාගැනීමට තැත්කර ඇති අතර එහිදී ඔහුව රෝහල්ගත කිරීමත් අනතුරුව ඊයේ (08) සවස ජීවිතක්ෂයට පත්ව ඇති බව ගාල්ල නාගොඩ පොලීසිය පවසයි.

මෙලෙස ජිවිතක්ෂයට පත්වූයේ, සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයෙකු වන 53 හැවිරිදි සැකකරු උඩුගම නැගෙනහිර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු දැරියගේ නිවසට ගොස් ඇත්තේ දැරියගේ පියාගේ හිතවත්කමකට බවත්, පියා නොමැති එම අවස්ථාවේ

දැරිය රෙදි සෝදමින් සිටියදී මෙම අපරාධය කර ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය විය.

එහිදී සැකකරු දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමග අධිකරණ වැසිකිලියට ගොස් සියදිවි හානි කරගැනීමට තැත් කර ඇති අතර අසාධ්‍ය තත්වයෙන් සිටි සැකකරු උඩුගම රෝහලට ගෙනගොස් ඇති බවත්, බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටියදී මියගොස් ඇති බවද පොලීසිය සදහන් කරයි.සිද්ධිය සම්බන්ධයෙන් නාගොඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාර ද සිල්වා මහතා ඇතුළු නිලධාහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

හිනිදුම - රවින්ද්‍ර  ශ්‍රීලාල්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka