gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නෞකාවක සේවයට ගිය සඳරු මුහුදට දැම්මද? වැටුණද? – මව්පියන් ඇඬු කඳුළින් කියන කතාව

ජර්මානු නෞකාවක සේවය කරමින් සිටි මෙරට තරුණයෙකු ස්පාඤ්ඤ මුහුදේදී අතුරුදන් වීම සැක සහිත බව එම තරුණයාගේ ඥාතීන් පවසනවා.

අදාළ තරුණයා අතුරුදන්වීම සම්බන්ධයෙන් පරස්පර තොරතුරු ලැබී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

හොරණ, අඟුරුවාතොට, උඩුවර ප්‍රදේශයේ පදිංචි චිරාත් සඳරු නැමැති තරුණයෙකු ජර්මන්හි නැව් සමාගමකට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක සේවය සඳහා ගොස් තිබුණේ ජනවාරි මස 2 වැනිදායි.

21 හැවිරිදි මෙම තරුණයා ස්පාඤ්ඤයේ නෞකාවක රැකියාවට එක්ව තිබුණා.

කෙසේ වෙතත් පසුගිය 18 වැනි දින ඔහුගේ නිවසට පැමිණි අදාළ නැව් සමාගමේ මෙරට කළමනාකරුවන් දෙදෙනෙකු පවසා ඇත්තේ චිරාන් සඳරු 17 වැනි දින රාත්‍රී 10.00 පමණ මුහුදට ඇද වැටී ඇති බවයි.

ඒ බව නැවේ කපිතාන්වරයා ඇතුළු සේවකයින් දැනගෙන ඇත්තේ පැය හතරකට පමණ පසුව බවද එම කළමනාකරුවන් පවසා තිබුණා.

කෙසේ වෙතත් එදිනම නැවතත් එම නිවැසියන්ට ඔවුන් දුරකථනයෙන් පවසා ඇත්තේ සඳරු 17 වැනි දින පස්වරු 2.30 පමණ මුහුදට වැටී ඇති බවයි.

ඒ බව ඇසින් දුටු සේවකයෙකු නෞකාවේ කපිතාන්වරයාට ඒ බව දන්වා ඇති බවත් ඒ මොහොතේම අදාළ තරුණයා සෙවීම ආරම්භ කළ බවද ඔවුන් පවසා තිබුණා.

සඳරුගේ පියා ප්‍රකාශ කළේ මෙවැනි අදහසක්.

”ලංකාවේ නියෝජිතයා ගෙදරට ඇවිත් කිව්වා මගේ පුතා මුහුදට වැටිලා අතුරුදන් වුණා තාම හොයනවා. කිසිම තොරතුරක් නැහැ කියලා. ඒගොල්ලෝ වරින් වර පරස්පර කතා කිව්වා, පුතා මෙහෙම වෙලා වැටිලා දැකලා තිබෙනවා, කැමරා සී.සී.ටී.වී තියෙනවා කිව්වා. සී.සී.ටී.වී. දර්ශන ඉල්ලුවහම ඊට පස්සේ දර්ශන නැහැ කියනවා. ඊට පස්සේ කියනවා තුන්දෙනෙක් එක්ක නැවේ කෙළවරට ගිහාම මෙයා මුහුදට වැටිලා එන්ජින් රූම් එකේ කෙනෙක් ඇවිල්ලා කැප්ටන්ට කිව්වා කියනවා. කිසි දෙයක් මට පිළිගන්න බැහැ. මේක අබිරහස් දෙයක්. මේක මට සම්පූර්ණයෙන්ම සැක සහිතයි. මගේ පුතාව මුහුදට වැටුණාද? මුහුදට දැම්මාද? මොනවා වුණාද කියලා මට හිතාගන්න බැහැ. මං මේ සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ. මගේ පුතා ගැන හොයලා දෙන්න එදා දවසේ චිරාත් මගේ පුතා එයා යාළුවෙලා ඉන්න ගෑණු ළමයාට අරන් තියෙනවා 12.15ට, ආපහු හෙට උදේ තමයි මගේ ඩියුටිය තියෙන්නේ 12ට ඕෆ් වුණහම කියලා. ඊට පස්සේ එයා 2.10ට එයාගේ ගෑණු ළමයාට එයා මැසේජ් කරලා තියෙනවා මං වැඩ ඉවරවෙලා කාමරයට ආවා කියලා. එතකොට කාමරයට ආපු ඩියුටි ඕෆ් එක්කෙනා කොහොමද මුහුදට වැටුණේ.? අනිවාර්යෙන්ම සැක සහිතයි මේකනම්. මේගොල්ලෝ බොරුවක් කරන්නේ. මෙතන අපිට හංගනවා මොනවා හරි දෙයක්. මගේ පුතා ගැන මට අනිවාර්යෙන් තොරතුරක් දැනගන්න ඕනේ. මේක ගැන විමර්ශනයක් අනිවාර්යෙන් ජාත්‍යන්තර පොලීසිය හරහා මට අනිවාර්යෙන් මට කරගන්න ඕනේ” 

ඒ අනුව නිවැසියන් කොටහේන පොලිසියට පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා.

එමෙන්ම සඳරුගේ ඥාතීන් අදාළ ඒජන්සිය සහ වෙළඳ හා නාවික කටයුතු අමාත්‍යාංශයද මේ පිළිබඳව දැනුවත් කර තිබෙනවා.

ජීවිතය සාර්ථක කර ගැනීමේ අදිටනින් විදෙස් ගත වූ සඳරු කොළඹ විශ්ව විද්‍යාලයේ සංගීත විශාර ද උපාධියද හිමි තරුණයෙක්.

සඳරුගේ ඥාතීන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් ඔහු පිළිබඳ නිවැරදි තොරතුරක් ලබා දෙන ලෙසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka