gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලයිට් බිල ගෙවන්න දුන්නු රු.99,000ක් ගෙදර අරං ගිය තැපැල් මාමා රිමාන්ඩ්!

විදුලි බිල්පත සඳහා පාරිභෝගිකයකු ගෙවූ රුපියල් 99,000ක මුදලක් සහ පරිගණක රිසිට්පත ගෙදර ගෙන ගොස් වංචා කළේ යැයි කියන කොළඹ අලුත්කඩේ උසාවි තැපැල් කාරියාලයේ තැපැල් සේවා නිලධාරියකු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (31) නියම කර ඇත.

උසාවි තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපති සුභාෂිනි අතුකෝරල කළ පැමිණිල්ලකට අනුව කෙසෙල්වත්ත පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ උසාවි තැපැල් කාර්යාලයේ තැපැල් සේවා නිලධාරියා වශයෙන් කටයුතු කළ රොෂාන් වසන්ත කුමාර නමැත්තා මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.

රජයේ සේවකයකුව සිටිමින් මුදල් වංචා කිරීම ඇතුළු සිද්ධි සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කෙසෙල්වත්ත පොලිසිය, සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ ගමන් බෑගයේ තිබී මුදල් ගෙවූ තවත් රිසිටපත් තුනක් සොයාගත් බව දැනුම් දී ඇත.

සිලෝන් නිවාස සංකීර්ණයේ රුපියල් 99,350ක විදුලි බිල තැපැල් කාර්යාලයේ බිල්පත් ගෙවීම් අංශයට යොමුකර ඇති අතර, අදාළ මුදල ගෙවූ බවට සැකකරු රිසිට් පතක්ද නිකුත් කර ඇතැයි දැනුම් දුන් උප පොලිස් පරීක්ෂක කරුණාරත්න, විදුලි බිල තැපැල් කාර්යාලයට ගෙවුවද විදුලි බිල අඩු වී නොමැති බව පවසමින් අදාළ රිසිට්පතද ඉදිරිපත් කරමින් තැපැල් ස්ථානාධිපතිවරියට පැමිණිලි කර ඇති අතර, ඇය අදාළ පැමිණිල්ල නියෝජ්‍ය තැපැල්පතිවරයා වෙත යොමුකර ඇතැයිද දැනුම් දී තිබේ.

මෙම විදුලි බිල පසුගිය 10 වැනිදා ගෙවීමෙන් පසු සැකකරු රිසිපතක් නිකුත් කර ඇතැයිද පසුව බිල්පත් ගෙවූ බව පරිගණක පද්ධතියට ඇතුළත් නොකර එම දත්ත පරිගණකයෙන් මකාදමා පරිගණක රිසිට් පතද සිය බෑගයේ දමාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී හෙළි වූ බව දැනුම් දුන් උප පොලිස් පරීක්ෂකවරයා, සැකකරු රිමාන්ඩ් කරන්නැයි ඉල්ලා ඇත.

සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා කරුණු දක්වමින් තම සේවාදායකයා අදාළ චෝදනා පිළිගන්නේ නැතැයි පවසා තිබේ.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලීමෙන් අනතුරුව සැකකරු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස නියම කර ඇත.(ලංකාදීප)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka