gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේකට එන්න නම් ඔය වගේ අයව ඇතුළට දාගන්න වෙනවා.. නාහෙන් අඬන කෙහෙළිය සහ ඔහුට පහසුකම් සළසන බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරිය ගැන, ආන්දෝලනාත්මක තොරතුරු මෙන්න

පසුගිය දිනෙක කැබ්නට් අමාත්‍ය ධුරයේ 'කටයුතු කෙරූ' කෙහෙළිය රඹුක්වැල්ල හදිසියේ ම 'අත්අඩංගුවට පත් වීම' රටේම අවධානය යොමුවූ 'සුවිශේෂී සිදුවීමක්' වුණා.

මෙසේ 'අමාත්‍ය ධුරයේ' සිටියදී ම අමාත්‍යවරයෙක් 'රක්ෂිත බන්ධනාගාර' ගත වූ පළමු අවස්ථාව ද මෙය යි.

'කෙහෙළිය'ගේ අත්අඩංගුවට ගැනීම 'නීතියේ ක්‍රියාත්මක වීම' සිවිල් සංවිධාන ඇතුළු බොහෝ පාර්ශවල 'ප්‍රසාදයට' ලක් වූ බැව් ද රහසක් නොවෙයි.

ඒ නමුත් 'කෙහෙළිය', අධිකරණ නියෝගයෙන් අනතුරුව 'බන්ධනාගාර රෝහලට' ඇතුළත් ව තිබුණා. ඔහුගේ රෝහල් ගත වීම පුරුදු ලෙසින් බොහෝ පිරිසකගේ 'හාස්‍ය'යට ලක්වූවා සේ ම ඒ පිළිබඳව 'විපරම් කර' බලන්නටත් බොහෝ පිරිස් 'උනන්දු' වුණා.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ 'රොෂාන් බෙල්ලන', රංගන ශිල්පියෙකු වන 'සුදත්ත තිලකසිරි' සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් 'බන්ධනාගාර' රෝහලේ සිටින 'වෛද්‍යවරියක්' ගැන විශේෂ හෙළිදරවුවක් කළා.

'කෙහෙළියව අත්අඩංගුවට ගත යුතුයි කියන තැන අපි හිටියා. නමුත් ඔය බේත ගැන ඔහු දන්නෙ නෑනේ. මේක වටේ හිටියා වෛද්‍යවරු... ඔවුන් ගැනත් සෙවිය යුතුයි.. බන්ධනාගාර රෝහලේ ඉන්නෙත් ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය කියලා කෙනෙක්... ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියක් කියලා සෞඛ්‍ය අමාත්‍යංශයේ තනතුරක් නෑ....'

'බන්ධනාගාර රෝහලේ ඇත්තටම ඉඩ නෑ. ලෙඩ හදලා හරි ගන්නවා. මේ කාන්තා වෛද්‍යවරියට එරෙහිව පැමිණිලි තිබුණත් පියවර අරන් නෑ.... දැන් අවුරුදු 7ක් විතර.... නමුත් මේ හොරකමට එන්න නම් ඒ වගේ අයව දාගන්න ඔිනි...'

මේ අතර, අද දිනයේ 'මාධ්‍ය හමුවක'ට එක් වූ 'රොෂාන් බෙල්ලන' වෛද්‍යවරයා සඳහන් කළේ කෙහෙළිය 'සිංගප්පූරුවෙන්' බේත් අවැසි බැව් කියමින් 'බන්ධනාගාර' රෝහලේ දී ඉල්ලීමක් කර ඇති බවයි.

'කෙහෙළියට රෝහලේ ඉන්න අමාරුයිලූ, පුද්ගලික රෝහලක් අවශ්‍යයි ලූ... අහිංසක සිරකරුවන් ව රෝහලට වද්දගන්නෙ නෑ... මේකේ ඉන්න වෛද්‍ය කාර්ය මණ්ඩලය අත්අඩංගුවට ගත යුතුයි..'

113ක් අත එසවූවා කියන, කෙහෙළියගේ මෙම 'නොමනා ක්‍රියාව' මේ තාක් විවේචනයට ලක්වූවා සේම මින් එහා ඔහු සිදු කරන මෙම 'ව්‍යාජ රංගනය'ද විවේචනයට ලක්වනු බැව් රහසක් නොවේ.

'සිංගප්පූරු' රාජ්‍ය වැනි 'සුපිරි පන්නයේ' රෝහල්වල නැති 'සුවපහසුව' බන්ධනාගාර රෝහලකින් සොයන ඔහු කොපමණක් අගනා මෙහෙවරක් මෙරටට කර ඇද්ද?

'සෞඛ්‍ය' අමාත්‍ය ධුරයේ 'කිරුළු පළන්' සිටි ඔහු මේ කියා පාන්නෙ ම තමත් කලක් තිස්සෙ ම හෙබවූ අමාත්‍ය ධුරය කොතරම් 'දුර්වලද?' කොතරම් 'අභාග්‍ය සම්පන්නද' යන්නයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka