gossip lanka

“මට ඒඩ්ස් කියලා පත්තරේ දැම්මේ ඉරාජ් වීරරත්නගේ තාත්තා... අනේ තාමත් මං ඉන්නවා” – රන්ජන් මෙතෙක් නොකී කතාවක් හෙළි කරයි

රන්ජන් රාමනායක කියලා කියන්නේ සමාජ මාධ්‍ය වල ක්‍රියාකාරී සාමාජිකයෙක්.

රන්ජන් සිරගත වෙලා ඉන්න කාලේ ගොඩක් දෙනෙක් ඔහු වෙනුවෙන් කතා කළා.

ඒ කොහොම වුණත් රන්ජන්ගේ දේශපාලන භූමිකාවට වඩා ගොඩක් දෙනෙක් කැමති ඔහුගේ රංගන භූමිකාවට.

රන්ජන් ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය තරුවක් බවට පත් වෙලා.

රන්ජන් සමාජ මාධ්‍යයේ හරි ජනප්‍රිය චරිතයක්නෙ.

රන්ජන්  යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් මෙසේ අදහස් දක්වා සිටියා.

‘එක්තරා පුද්ගලයෙක් මීට කලින් මට දරුණු ම විදිහේ පහර දීමක් කළා. විජේ මාමා මැරුණට පස්සෙ මල්ලි ෆිල්ම්ස් නෑ මට. මම අමාරුවෙන් අවස්ථාව ලබාගන්නෙ… මට සමහර ආදරණීය නිළියන් සමඟ ප්‍රේම සම්බන්ධකම් තිබුණා. ඒ දේවල් නිසා මා එක්ක උරණ වුණා එක්තරා පුද්ගලයෙක්… ඒ පුද්ගලයා පත්තරයක් කරනවා. නම් දෙක කියන්නම්.. ප්‍රිතීරාජ් වීරරත්න (ඉරාජ්ගේ පියා) සහ අර්න්ස්ට් වඩුගේ…’

‘රස, කියලා පත්තරයක්.. ඒගොල්ලො දැම්මා පත්තරේ, ‘රන්ජන් රාමනායකට ඒඩ්ස්’ කියලා. මීට අවුරුදු 30කට විතර ඉස්සල්ලා… අනේ තාමත් මං ඉන්නවා, ඉහෙන් බහින ලෙඩක් නැතුව..’

‘ඔයා කියන්නෙ මම ලව් ඉන් බැංකොක් වල ෂූටිං යන්න යද්දි, මා සමඟ ප්ලයිට් එකේ යන්න නළු නිළියෝ ප්‍රතික්ෂේප කළා. ඒ කාලේ තිබ්බනේ හුළඟිනුත් හැදෙනවා කියලා. සංගීතා වීරරත්න විතරයි නැග්ගේ. ‘නෑ ඔයාට ඒඩ්ස් නෑ, ඩෝන්ට් වොරි රන්ජන්’ කියලා එයා කිවුවා. ඒ ගෞරවය මට හැමදාම තියනවා, ඇය වෙනුවෙන්….’
gossip lanka