gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'උං ඔක්කොම යාළුවෝ මල්ලි - කෝච්චි‍වල මාල‍,කඩපු හොර‍ තක්කඩියෝ!!': රන්ජන්ගේ සහය මාලිමාවට? අලුත්ම ගීතය ඇතුළේ සැඟවුනු රහස් මෙන්න

කවුරුත් බලාගෙන හිටපු 'සුපර් ස්ටාර්' රන්ජන් රාමනායකගේ 'උන් ඔක්කොම යාලුවෝ මල්ලි' ගීතය මීට මොහොතකට පෙර අන්තර්ජාලය වෙත නිකුත් කෙරුණා.

'රන්ජන්'ගේ මේ ගීතයේ 'පූර්ව ප්‍රචාරක' පටය 'ටික්ටොක්' මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ බොහෝ දෙනෙක්ගේ අවධානය ඒ දෙසට යොමුව තිබුණා.

කලක් දේශපාලන කරළියේ කැපී පෙනෙන චරිතයක් වුණු 'රන්ජන්', විටින් විට වේදිකාවේ කියූ කතාන්දර බොහෝ ආන්දෝලනයට ලක් වූ බැව් ඔබට මතක ඇති.

වරක් 'ලයිසන් නැති පිස්තෝලයක්' නිසා අත්අඩංගුවට පත්වුණු රන්ජන්ගේ 'දුරකතන සංවාද' බොහෝමයකුත් අන්තර්ජාලය වෙත මුදා හැර තිබුණා. (සත්‍ය වශයෙන් ම එය හිතා මතා සිදු කෙරූ සැහැසි කටයුත්තක්...)

අවසානයේ සියල්ලන්ගේ 'අවලාද' සහ 'අපහාස' වලට පිළිතුරු දුන් ඔහු 'පාර්ලිමේන්තුව' දෙවනත් කරමින් ඒ සමයේ සිදු කළ 'දීර්ඝ කතාව' අදටත් බොහෝ දෙනාට අමතක නැහැ.

'මෙතන ඉන්න දූෂිතයන්ගේ චරිත සහතික මට වුවමනා නැහැ. මම මේ සේරම කළේ 2015 ආණ්ඩුවේ යුතුකම ඉෂ්ඨ කරන්න මිසක් මගේ පුද්ගලික වුවමනාවක් සඳහා නෙවෙයි..... අම්මපල්ලා.... ජේසුපල්ලා... බුදුන්පල්ලා..... විශ්වාස කරනව නම් කරපල්ලා... නැත්තම් මට වැඩකුත් නෑ.... මට හොරුන්ගෙන් චරිත සහතික මොකටද? චරිත සහතික දෙන්න පුළුවන් කට්ටිය මෙතන ඉන්නවද? වැලි පර්මිට් තියෙන 75ක් ඉන්නවා. බාර් පර්මිට් තියෙන 100ක් ඉන්නවා. එතනෝල් ගේන 4ක් ඉන්නවා. කුඩු ගේන දෙන්නෙක් ඉන්නවා. රේස් බයි රේස් ගේන එක්කෙනෙක් ඉන්නවා.....'

එදා ඒ කතාවෙන් පස්සෙ 'රන්ජන්'ට නොසිතූ විරූ 'අකරතැබ්බ'වලටත් 'අපහාස-උපහාස'වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

ඒ නමුත් ඔහු 'සිරගත' වූවායින් පසු, ඔහුට වඩා වැඩියෙන් 'ජනතාව' ආදරය කරන්න පටන් ගන්නවා. (නමුත් ඇත්තටම ඔහු එළියට එන්නෙ කටේ ප්ලැස්තර පටි අලවගෙන..)

රන්ජන් ඒ සමයේ කියූ 'උන් ඔක්කොම යාලුවෝ මල්ලි' අදටත් 'වලංගු' බැව් බොහෝමයක් උන් අදහන ඇත්තක්.

ඒ නිසාම 'උන් ඔක්කොම යාලුවෝ මල්ලි' ගීතයත් බොහෝමයක් ඉක්මණින් රන්ජන් ප්‍රිය හෝ අප්‍රිය සියල්ලන් වැළඳගනිවී.

'උනුත් එකයි මුනුත් එකයි

හොරු කවදත් හොරුම තමයි

උං ඔක්කොම යාළුවෝ මල්ලි

එක වල්ලේ පොල්ම‍ තමයි

රට වැනසුවේ උන්ම තමයි

හොරු අල්ලන්නෑ මුං මල්ලි

වැලි හොරු කුඩු හොරු කප්පම් ගහන මාටියෝ

බාල බෙහෙත් ගෙනත් ලෙඩ්ඩු මරණ වධකයෝ....

කෝච්චි‍ වල මාල‍,කඩපු හොර‍ තක්ඩියෝ

මෙච්චර කල්‍‍ නීතී‍ හැදුවේ මෙවැනි අපතයෝ

මල්ලී‍, මෙච්චර කල්‍‍ නීතී‍ හැදුවේ මෙවැනි අපතයෝ...

බැංකු කඩපු හොරු සේරම තවම නිදැල්ලේ

කැළණි ගඟෙන් නයෙක් ඇවිත් ඡන්දේ දිනෙව්වේ

ආයෙත් අපි රැවටුනොතින් ඉවරයි රාලේ

අල්ලලා හොරු ගිල්වමු අපි‍ දියවන්නාවේ

මල්ලී, අල්ලලා හොරු ගිල්වමු අපි‍ දියවන්නාවේ'

රන්ජන්ගේ ගීතය ඇතුළේ 'සැඟවුනු චරිත' බොහෝමයක් ඉන්නවා. 'බාල බේත් ගෙන්නපු වධකයෝ', 'බැංකු කඩපු හොරු'..... (අවසානයට 'කෝච්චිවල මාල කඩපු තක්කඩියෝ.....')

ඒ අතරේ රන්ජන් මේ ගීතයට 'රතුපාට' ඇඳපු එක ගැනත් ගීතය නරඹපු බොහෝ දෙනා 'අනුමාන කිරීම්' කරලා තිබුණා.

'රතුපාට ඇදගෙන, රතුපාට කාර් එකට නැග්ගා..ඒ කියන්නේ මාලිමාව දිනවපල්ලා කියලා තමයි!'

සැබැවින් ම රන්ජන්ගේ 'සහය' හිමිවන 'වර්ණය' හෝ 'පුද්ගලයා' ඔහු විසින් හෙළිදරවු නොකළා වුණත් කිහිප වතාවක් 'අනුර කුමාර' සහ 'මාලිමාව' ගැන ඔහු සිදු කරන 'සුබදායි ප්‍රකාශ' බොහෝ පිරිස් වෙත නිරීක්ෂණය වී තිබුණා.

ඒ නිසා නිතැතින් ම රන්ජන්ගේ සහය 'මාලිමාව'ට හිමිවේවී කියන මතයේ ඉන්න පිරිසක් ද නැතුවාම නොවේ.

කොහොම වුණත්.... ඒ ගැන ඇත්තටම දන්නෙ 'රන්ජන්' ම මිසක වෙන කවුරුත් නෙවෙයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka