gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රටම හොයන, බෙහෙත් හොරකමේ 'අලුත්ම මහමොළකරු' මෙන්න: '16 වතාවක් ලන්ඩන් ගිහින්, ලන්ඩන්වලින් ගේකුත් අරන්.. යන්නෙ සුපිරි බෙන්ස් එකක..'

පසුගිය දිනෙක 'හිටපු අමාත්‍ය' කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගැනීමත් සමඟ 'සෞඛ්‍ය ක්ෂේත්‍රය' තුළ වන තවත් ආන්දෝලනාත්මක තොරතුරු රාශියක් 'හෙළි පෙහෙළි' වන්නට වුණා.

'කෙහෙළිය රඹුක්වැල්ල' හිටපු අමාත්‍යවරයා මේ වන විට 'රක්ෂිත බන්ධනාගරගත' කර ඇති අතර, රෝග කිහිපයක් සඳහා ම ප්‍රතිකාර ලබා ගන්නා ඔහු 'බන්ධනාගාර රෝහලේ' ප්‍රතිකාර ලබමින් සිටින බැව් වාර්තා වුණා. (ඒ නමුත් ඔහුට වැඩි වරප්‍රසාද හිමි බවටයි බොහෝ පාර්ශව අනාවරණය කළේ...)

වෛද්‍ය 'රුක්ෂාන් බෙල්ලන' සඳහන් කළේ 'කෙහෙළිය' පමණක් නොව තවත් 'වෛද්‍ය වෘත්තීකයින්' ගණනාවක් මෙම 'මාෆියාව' පිටුපස සිටිනා බවයි.

'මේක කෙහෙළිය තනියම කරපු දෙයක් නෙවෙයි. ඔහු ඖෂධ ගැන දන් නෑනේ... අනිවාර්යෙන් ම වෛද්‍යවරු ඉන්නවා මේක පිටිපස්සෙ...'

එසේම, අමාත්‍යවරයා ඇතුළු 'බලවතුන්'ට වැඩි පහසුකම් ලබා දෙන 'බන්ධනාගාර' රෝහලේ එක්තරා වෛද්‍යවරියක් ගැනත් 'වෛද්‍යවරයා' හෙළිදරවු කර තිබුණා.

'පැමිණිලි කළා. ඒත් තාමත් ඒ කෙනා සේවයේ ඉන්නවා. අසරණ ලෙඩ්ඩු ඉද්දි, වෙන අයට සැලකුම් ලබා දෙනවා....'

මේ අතර, ඖෂධ මාෆියාව සම්බන්ධයෙන් දැනට 'සැක සංකා' මතුව ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ 'ඉහළ නිලධාරියෙක්' සම්බන්ධයෙන් ද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අදහස් දැක්වීමක් සිදු කර තිබුණා.

එම 'ඉහළ නිලධාරියා' 16 වතාවක් 'එංගලන්තය'ට ගොස් ඇති බවත් එහි නිවසක් මිලදී ගෙන ඇති බවත්, වෛද්‍යවරයා සඳහන් කළා. (මේ සියලු තොරතුරු එරට සිංහල ජාතික සංවිධානයක් විසින් අනාවරණය කරගෙන තිබුණා.)

අදාළ නිලධාරියා එහිදී 'බෙන්ස් රථයක්' මිලදී ගෙන ඇති බැව් සහ උන්ඩියල් ක්‍රමය යටතේ 'මුදල් ගනුදෙනු' සිදුව ඇති බවට ද තොරතුරු හෙළි වනවා.

'මේ ඖෂධ මාෆියාවේ දෙවැනි මහ මොළකරු මොහු කියලා අපිට සැකයක් ඇති වෙලා තියනවා. මේ ගැන ඉදිරියේ දී මම වෘත්තිය සමිති දැනුවත් කරනවා.....'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka