අද (12) අලුයම් කාලයේදී මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට කඩාවැදුණු අවිගත් පුද්ගලයන් දෙදෙනෙකු වෙළෙඳසලක් කොල්ලකා පළාගොස් තිබේ.
එම අවස්ථාවේ වෙළෙඳසල තුළ මුදල් අයකැමි ලෙස සිටි තරුණියගේ උදරයට වෙඩි උණ්ඩ 3ක් වැදී තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.
එහි සවිකර තිබූ CCTV කැමරාවක කොල්ලකරුවන් වෙළෙඳසැලේ ලාච්චුව තුළ තිබූ මුදල් කොල්ල කා යන අයුරු සටහන්ව තිබිණි.
කොල්ලකරුවන් වෙළෙඳසැලේ උඩ ලාච්චුවේ තිබූ මුදල් කොල්ලකා ඇති අතර, යට ලාච්චුවේ තිබූ මුදල් ලබාගැනීමට යතුර ඉල්ලා අදාළ තරුණියට වෙඩි තබා ඇත. වෙඩි තැබීම සිදුවු වෙළෙඳසැල ඉදිරිපිට ආර්ථික මධ්‍යස්ථාන පොලිස් මුරපොළ පිහිටා ඇත.
කොල්ලය සිදුකළ වෙඩික්කරුවන් දෙදෙනා පසුව යතුරුපැදිය තල්ලු කරගෙන ඉදිරියට ගොස් පළාගොස් තිබේ. කොල්ලකන ලද මුදල මෙතෙක් අනාවරණය වී නොමැති අතර තුවාල ලැබු තරුණිය මේ වනවිට හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.