gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තරුණ දායිකාව සමග සූර් පිට බයිසිකල් පැද්ද උප විහාරාධිපති හිමි රෝහලේ... දායිකාවට අත්වූ ඉරණම!

රඹුක්කන මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ - පත්තම්පිටිය, උඩහුරුව ප්‍රදේශයේ නතර කර තිබුණු ලොරි රථයක පිටුපස යතුරුපැදියක් ගැටීමෙන් එම යතුරුපැදියේ ගමන් කළ හිමි නමකසහ කාන්තාවක බරපතළ තුවාල ලබා ඊයේ අලුයම කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරඇතැයි රඹුක්කන පොලිසිය පවසනවා.

කෑගල්ල මහ රෝහලේ මෙසේ ප්‍රතිකාර ලබන්නේ රඹුක්කන ප්‍රදේශයේ විහාර ස්ථානයක සිටින 23 හැවිරිදි තරුණ හිමි නමක හා පත්තම් පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින 40 හැවිරිදි දෙදරු කාන්තාවක් බවයි පොලිසිය පවසන්නේ.

මෙම හිමිනම විහාරස්ථානයේ දෙවැනි හිමි නම ලෙස වැඩ සිට ඇති බවත් සැමියා විදේශ රටක සේවය කරන විහාරස්ථානය ආසන්නයේ පදිංචි තරුණ දායිකාවක සමග සම්බන්ධතාවක් කලක සිට පවත්වා ගෙන ගොස් ඇති බවත් මූලික විමර්ශන වලදී තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සදහන් කළා.

හිමි නම ඊයේ අලුයම තරුණ දායිකාවගේ නිවෙසට ගොස් ඇගේ 17 හැවිරිදි පිරිමි දරුවාට අයත් යතුරු පැදිය තල්ලු කරගෙන මද දුරක් රැගෙන ගොස් පණගන්වා කාන්තාව යතුරු පැදියේ පිටුපස අසුනේ තබාගෙන රඹුක්කන දෙසට ධාවනය කර ඇතැයි කියයි.

යතුරු පැදිය ලොරි රථයේ ගැටෙන ශබ්දය අලුයම අසල පදිංචිව සිටින ලොරි රථයේ හිමිකරුට ඇසී ඔහු පැමිණ බලන අවස්ථාවේ දී කාන්තාවක හා හිමි නමක් වැටී සිටින අයුරු දැක 1990 හදිසි ගිලන් රථ සේවයට දන්වා ගිලන් රථයෙන් හිමි නම හා කාන්තාව රඹුක්කන මූලික රෝහලට ඇතුළත් කර ඇති තිබෙනවා.

බරපතළ තත්වයේ සිටි හිමි නම හා කාන්තාව පසුව ගිලන් රථයකින් කෑගල්ල මහ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

හිමිනම අධික ලෙස මත්පැන් හෝ මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති බවත් වම් කකුලේ දණ හිසට ඉහළින් අස්ථියක් බිඳී ඇති බවත් වෛද්‍යවරුන් ප්‍රකාශ කර සිටි බව පොලිසිය පැවසීය. හිමි නම කියා ඇත්තේ රඹුක්කන නගරයට යෑමට ගිය අවස්ථාවේදී අනතුරට මුහුණ දුන් බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka