gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අඹුසැමි යුවළක් එකතුවී කළ සාහසික අපරාධය අවුරුදු 35කට පසු හෙළි වූ හැටි - අනියම් සැමියාව පෙති ගසා සඟවලා

'මිනිහව ගෙන්නගෙන.... ගෙදරට.. බැඳපු මනුස්සයාගේ කීමට!! ඊටපස්සෙ තමයි මුන් එයාව මරන්නෙ....'

'අපරාධයක්' සිදු කොට කිසිදාක සැඟව සිටිය නොහැක, යන්න 'සනාථ කෙරූ' රටම කැළඹුව ඝාතනයක 'සැකකාරියක්' පොලිසියට හසුවූ හැටි. (සම්පූර්ණ කතාව කියවන්න...)

'මනුෂ්‍ය ඝාතනයක්' සිදු කර 'මරණ දඬුවම' නියම වී වසර 35ක් සැඟව සිටි කාන්තාවක් පසුගිය දිනෙක අත්අඩංගුවට ගැණුනා.

ඒ 'අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය' මඟින්.

මෙම ඝාතනය සිදුව ඇත්තේ 1989 වර්ෂයේ දී.

1989 වසරේ දී අතුරුගිරිය, වැල්ලව ප්‍රදේශයේ දී 'ලංකා විදුලිබල මණ්ඩලයේ තත්ත්ව පරීක්ෂකවරයෙක්' ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඒ සමයේ 'බොරැල්ල' පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

මෙම 'ඝාතන පැමිණිල්ල' සිදු කර තිබුණේ එම පුද්ගලයාගේ බිරිඳ යි.

ඒ අනුව 'විමර්ශන' ඇරඹූ පොලිසිය 'වැල්ලව' ප්‍රදේශයේ පදිංචිව 'අඹුසැමි' යුවළක් අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් 29 හැවිරිදි (එවකට ඇයට 29යි..) කාන්තාව 'විදුලි බල මණ්ඩලයේ' ම ඉංග්‍රීසි යතුරු ලියන්නියක් ලෙස සේවය කර තිබෙනවා.

ඒ සමයේ ඇය මෙම ඝාතනයට ලක් වූ 'පුද්ගලයා' සමඟ අනියම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

'මම වැඩ කළේ යතුරුලියන්නියක් විදිහට. ඒ කාලේ මේ කෙනා එක්ක මගේ සම්බන්ධයක් ඇතිවුණා. ඒක මගේ මහත්තයා පස්සෙ දැනගත්තා...'

මෙම 'සම්බන්ධය' ඇගේ සැමියා දැන අනතුරුව 1989 එක්තරා දිනකදී ඝාතනයට ලක් වූ 'අනියම් සැමියා'ව අතුරුගිරිය වැල්ලව ප්‍රදේශයේ ඔවුන්ගේ නිවසට ගෙන්වා ගෙන තිබෙනවා.

'මහත්තයාගේ කීමට මම එයාව ගෙන්න ගත්තෙ.. මගේ කීමට එයා ආවේ. මහත්තයා සම්බන්ධය දන්න වගක් එයා දැනන් හිටියේ නෑ. නැත්තම් එයා එන එකකුත් නෑ...'

එහි දී ඈ සිය සැමියා හා එක්ව අනියම් සැමියා ඝාතනය කරන අතර, සිරුර පෙති ගසා බැරලයකට දමා අනතුරුව 'ළිඳක'ට දමා ඇති බවටයි වාර්තා වූයේ.

'අපි එයාව පෙති ගහලා බැරල් එකකට දැම්මා. පස්සෙ බැරලා එක ළිඳකට දැම්මා.....'

මෙම සිදුවීමට අදාළව අඹුසැමියා යුවළ මාස 6ක කාලයක් 'රක්ෂිත බන්ධනාගාර' ගත කළ නමුත්, පසුව ඔවුන් ඇප මත මුදා හැර තිබුණා.

යුවළ 'අතුරුදන්' වන්නෙ ඉන් අනතුරුවයි.

කෙසේ වෙතත්, ඔවුන් නොමැතිව සිදු කළ නඩු විභාගයෙන් '2019' වර්ෂයේ දී ඔවුන්ට මරණ දඬුවම නියම කර තිබුණා.

වසර ගණනාවක් සොයා ගත නොහැකි වූ මෙම 'යුවළ' අවසානයේ නිලධාරියෙකුට ලද තොරතුරක් මත සොයාගෙන තිබුණා.

ඒ බණ්ඩාරගම, පමුණුගම ප්‍රදේශයේ කුලී නිවසට සැඟව සිටියදී යි.

පෙරේදා‌ දිනයේ ඇයව අත්අඩංගුවට ගත් කාන්තාව මේ වන විට 64 වැනි වියේ පසුවනවා. ඇය පසුගිය වසර 35 තුළ දී සිය ඥාතීන්ගෙන් ද පවා වසං වෙමින් සිට ඇති බවයි පොලිසිය සඳහන් කරන්නෙ.

පොලිසියට බියෙන් ඔවුන් 'වෙන් වෙන්ව' ජීවත් වූ බැව් ද කාන්තාව සඳහන් කර තිබෙනවා.

'පොලිසියට බය නිසා අපි වෙන් වෙන්ව හිටියේ.. එයා කොහෙද කියලා දන් නෑ... අපි අපේ ඥාතීයෙකුටවත් අපි ගැන තොරතුරු දැනගන්න ඉඩ තිබ්බේ නෑ...'

සැමියා සොයා තවමත් පොලිස් විමර්ශන ක්‍රියාත්මක යි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka