gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'මහින්ද ඒ කාලේ නටපු නාඩගම් තමා, සනත් නිශාන්තත් මේ කාලේ කළේ!!!': රාජපක්ෂවරුත් ඇවිත් ගිය සනත් නිශාන්තගේ පින්කම දා කවුරුත් නොදුටු ඡායාරූප

හිටපු රාජ්‍ය අමාත්‍ය 'සනත් නිශාන්ත'ගේ 'හදිසි අභාවය' පසුගිය සමයේ සමාජ මාධ්‍ය තුළ අතිශය විශාල 'ආන්දෝලනයක්' ඇති කළා.

අමාත්‍යවරයාගේ 'මරණය' සම්බන්ධයෙන් 'සමාජ මාධ්‍ය පරිශීලකයින්' පවා දැක්වූයේ 'හාස්‍ය මුසු' වූ ප්‍රතිචාර යි.

ඒ අතර, අමාත්‍යවරයාගේ මරණය 'සැක මුසු' බැව් කියමින් ඔහුගේ බිරිඳ ද 'අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව'ට පැමිණිල්ලක් සිදු කර තිබුණා.

අමාත්‍යවරයාගේ ජීප් රථයේ රියදුරු 'ඇප මත' මුදා හැරුණු අතර, අමාත්‍යවරයාගේ 'කීමට' තමන් වේගයෙන් වාහනය පැදවූ බවයි ඔහු කියා තිබුණ‍ේ.

පසුගිය දිනෙක 'අමාත්‍යවරයාගේ' කොළඹ පිහිටි නිවසේ දී පිංකමක් පැවැත්වුණු අතර, ඒ සඳහා වැඩම කළේ කොටුවේ පොඩි හාමුදුරුවන් වහන්සේ යි.

උන්වහන්සේ 'මහින්ද රාජපක්ෂ' හිටපු ජනපතිවරයා ඉදිරිපිට සිදු කළ 'දේශනය' මේ වන විටත් බොහෝ දෙනාගේ 'අවධානය'ට ලක්ව තිබෙනවා.

එහි කොටසක් පහතින් බලන්න...

'මේ මුතු ඇටේ විතරයි මේවා වෙන්නේ කියලා සමහරු කියන්නේ. දැන් බංග්ලාදේශ ඡන්දය පැය හතළිස් අටක් ෆෝන් වැහුවා රටේ... සියලු අන්තර්ජාල පහසුකම් නැති කරා පැය හතළිස් අටක්... ඇයි මේව කරන්නේ? මේක හොඳ දේ නරක දේ දන්නේ නැතුව පරිහරණය කරන්නේ... මට හරි දුක හිතුනා. එතුමාගේ මරණය පෙන්නුවා අන්තර්ජාලය වාහනය හැපිල කිසිම රටක මිනියක් පෙන්නන් නැහැ...ඇයි අපි මෙච්චර පල්ලෙහාට වැටෙන්නෙ.'

'මනුස්සයෙක් වැටුණාම ඉස්පිරිතාලෙ දාන් නැහැ ඒක පොටෝ ගගහ ඉන්නවා. ඇයි මෙතැනට අපි යන්න‍ෙ මනුස්සකමයි මේ ලෝකේ ඕන! ලෙඩෙක් හැප්පුනාම ලෙඩා ගෙනියන්න බෑ උසාවි ගිහිල්ලා සාක්කි දෙන්න වෙයි කියල. මේ රත්තරන් නිශාන්ත මහත්මයගේ සහෝදරයෝ ටික ඔබතුමාලාගෙ හිතවතා ප්‍රියන්ත මහත්තයා ඉතාලියේ ඉන්න අපේ වීසා දෙන අපේ මහත්තයා මේ ඔක්කොම මගෙ යාළුවෝ ..දැන් ආයි මාර්තු මාසයේ යනව අපි ලක්ෂ 45 ඉඩම් කෑල්ල ගන්න.'

'මං කියන්නේ නැහැ. මෙතුමා සීයට සීයක් හොඳයි කියල. අඩුපාඩු තිබුණ තරුණයෙක්...මහින්ද මහත්තය ඒ කාලෙ කරපුව කොහොමද.. පයින් ගහල සද්දෙ දාලා. හම්බන්තොට නටපු නාඩගම් ඒ කාලෙ අන්තර්ජාල නොතිබුණ හින්ද හොඳයි. තිස්ස පැත්තෙ චණ්ඩියා වගේනෙ මහින්ද ඒ කාලේ. මේ කියන කවුරුත් කථාකරන්නෙ නෑ නේද මහ රෑ ගෙදට්ට වෙඩි තිබ්බ එක ගැන.ළමයි ඇඳ යට දාලා බේරගත්ත එක ගැන......'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka