gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වාහනේ නැවැත්තුවාට කේන්ති ගිය රියදුරෙක් පොලිසියේ මහත්තුරුන්ට රිදෙන්න වැඩක් කරලා!

සුරාපොදක් තොල ගා ගත්තම කාට කාටත් කරන වැරදි කරපු වැරදි අමතක වෙනවනේ.

මේ කතාවත් අන්න ඒ වගේ කතාවක්.


ඇඹිලිපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ ඔහුගේ පොලිස් රියැදුරුට පරුෂ වචනයෙන් බැණ වැදී පහරදීමට තැත් කර ඔවුන් දෙදෙනාගේ අත් සපාකෑ බීමත් ත්‍රිරෝද රථ රියැදුරකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මිනීමැරුම් චෝදනාවකට බන්ධනාගාරතව සිට ඇප මත නිදහස් වී සිටින හිටපු හමුදා සෙබලෙක් බවයි.

ඇඹිලිපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඔහුගේ රියැදුරා සමඟ ඇඹිලිපිටියේ පිහිටි සුපිරි වෙළෙඳසලකට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් මිල දී ගැනීමට ගොස් තිබෙන අතර, සුපිරි වෙළෙඳසලෙන් අවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මෝටර් රථයට නැගී පිටත්ව යන අවස්ථාවේදී ඉහත බීමත් රියැදුරා ත්‍රිරෝද රථය එකවරම මඟ හරස් වන ලෙස මෝටර් රථය ඉදිරිපිට නතර කර තිබෙනවා.

එහිදී පොලිස් රියැදුරු ලෙස කටයුතු කළ කොස්තාපල්වරයා මෝටර් රථයේ සිට ත්‍රිරෝද රථයේ රියැදුරුට ත්‍රිරෝද රථය අයින් කර ගන්නා ලෙස දැනුම් දී ඇති අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ රියැදුරු මෝටර් රථය අසලට පැමිණ පොලිස් රියැදුරාට පහරවල් කිහිපයක් එල්ල කර තිබෙන බවයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේ.

එම අවස්ථාවේදී වහාම රථයෙන් බැස පැමිණි පොලිස් අධිකාරීවරයා ගැටුමට මැදිහත් වී රථය අවහිර වූ මාර්ගයෙන් ඉවත් කරගන්නා ලෙස දැනුම් දීමත් සමඟ මෙම පුද්ගලයා පොලිස් අධිකාරීවරයාට පරුෂ වචනයෙන් බැණ වදිමින් පහර දීමට උත්සාහ කර තිබෙනවා.

එය ව්‍යර්ථ කිරීමට පොලිස් රියැදුරු සූදානම් වීමේදී ඔහුගේ දෑතම සහ පොලිස් අධිකාරීවරයාගේ එක් අතක් මෙම පුද්ගලයා සපාකා තුවාල කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ හෝ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන්ගේ ද සහාය ඇතිව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට රැගෙන විත් තිබෙනවා.

අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට නියෝගකර තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka