gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුගඳ හමමින් තිබූ මළ සිරුර දෙකක් මිරිහානේ පාළු නිවසකින් හමුවෙයි: මුළුතැන්ගෙයි බිම නිරුවත් කාන්තා මළසිරුරක්!

ඊයේ (08) දිනයේ මිරිහාන ජුබිලි මාවතේ නිවසක් තුළ සැකසහිත ලෙස මියගිය යුවළකගේ සිරුරු හමුවූ බව පොලීසිය පවසනවා.

පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී නිවසේ කාමරයක ඇඳක් මත දින කිහිපයකට පෙර මියගිය පිරිමි මළසිරුර හමුවී ඇති අතර නිවසේ මුළුතැන්ගෙයි බිම නිරුවත් කාන්තා මළසිරුරක් ද තිබූ බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

දින කිහිපයක් තිස්සේ එම නිවස පරිශ්‍රයෙන් දැඩි දුගදක් හමන බවට අසල්වැසියෙකු මිරිහාන පොලීසියට කළ දැනුම්දීමකට අනුව මෙම නිවස පරීක්ෂා කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 96 හැවිරිදි කාන්තාවක්.

ඔවුන් එම නිවසේ පදිංචිව සිටි අඹු සැමි යුවළක් බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka