gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආසියාවේ සියලුම රටවල් අභිබවා වැඩිම විදුලි ගාස්තු අයකිරීම ලංකාවේ!

දකුණු ආසියාවේ රටවල ගෘහස්ත විදුලි ගාස්තුවට වඩා ශ්‍රී ලංකාවේ ගෘහස්ත විදුලි ගාස්තුව 2.5 සිට 3 ගුණයක ප්‍රමාණයකින් වැඩි බවට නවතම විශ්ලේෂණයකින් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය සදහන් කරයි.

දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු අතර දෙවැනි ස්ථානයට වැඩිම ගාස්තු ඇත්තේ පකිස්තානයේ බවත් එම විදුලි ගාස්තුව ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් අඩු බවද වෙරිටේ රිසර්ච් ආයතනය සදහන් කරයි.

විදුලි ඒකක 100 පාවිච්චි කරන ලංකාවේ නිවසක් ගෙවිය යුතු විදුලි ගාස්තුව ඒකක 100 පාවිච්චි කරන පාකිස්තාන නිවෙසකට වඩා සියයට 50% කින් ඉහළ බවද වෙරිටේ රිසර්ච් ආයතනය සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ ඒකක 300 පාවිච්චි කරන නිවෙසක් ගෙවිය යුතු විදුලි ගාස්තුව පකිස්තානයේ නිවෙසකට වඩා සියයට 97% කින් ඉහළ බවද වෙරිටේ රිසර්ච් ආයතනය සදහන් කරයි.

මෙම මාසයේදී සැලසුම් කර ඇති බදු අඩු කිරීම යටතේ සියයට 4% කින් හෝ ඊට අඩු මට්ටමකින් කප්පාදු කළද ලංකාවේ නිවෙස් වලට දකුණු ආසියා කලාපයේ ඇති ඉහළම විදුලි ගාස්තු තවදුරටත් දැරීමට සිදුවන බවද එම ආයතනය සදහන් කරයි.

විදුලි ඒකක 100, 200, 300 ක ප්‍රමාණයක් පාවිච්චි කරන නිවසකින් ශ්‍රී ලංකාව කොපමණ විදුලි ගාස්තුවක් අය කරන්නේ දැයි මෙම විශ්ලේෂණයේදී වෙරිටේ රිසර්ච් ආයතනය විමසුමට ලක් කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka