gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නවක වෛද්‍යවරිය රෝහලට ඇවිත් දින 3 යි - අතවර කරන්න ගිය ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයා රිමාන්ඩ්!

අර­ණා­යක ප්‍රාදේ­ශීය රෝහලේ සේවය කරන අවි­වා­හක වෛද්‍ය­ව­රි­ය­කට ලිංගික අත­වර සිදු කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් එම රෝහලේ සේවය කරන වෛද්‍ය­ව­ර­යකු අර­ණා­යක පොලි­සිය මඟින් ඊයේ (08) අත්අ­ඩං­ගු­වට ගෙන මැව­නැල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව මෙම 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස මහේ­ස්ත්‍රාත් අනු­රාධ වීර­ක්කොඩි මහතා නියෝග කළේය.

මෙලෙස අත්අ­ඩං­ගු­වට ගනු ලැබුවේ අර­ණා­යක උස්සා­පි­ටිය, පොල්අ­ඹේ­ගොඩ පදිංචි 45 හැවි­රිදි කමල් ධර්මවංශ නමැති වෛද්‍ය­ව­ර­යෙකි.

සැක­කාර වෛද්‍ය­ව­රයා ඉකුත් 06 වැනිදා අර­ණා­යක ප්‍රාදේ­ශීය රෝහලේ කාම­ර­ය­කදී රාජ­ගි­රිය පදිං­චි කාරියක බව කියන 28 හැවි­රිදි අවි­වා­හක වෛද්‍ය­ව­රි­ය­ගේ රහස් ප්‍රදේ­ශය ස්පර්ශ කර ලිංගික අත­වර­යක් සිදු කර තිබේ. පසුව වෛද්‍ය­ව­රිය රාජ­ගි­රියේ නිවසේ පදිං­චිව සිටින සිය පියාට ඒ බව දන්වා ඇති අතර පියා කෑග­ල්ලට පැමිණ කෑගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාං­ශ­යට පෙරේදා (07) පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කර තිබේ.

පසුව කෑගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාං­ශය මඟින් අර­ණා­යක පොලි­සි­යට කරන ලද දැනුම් දීම­කට අනුව අර­ණා­යක පොලි­සිය මඟින් වෛද්‍ය­ව­රි­ය­ගෙන් ප්‍රකා­ශ­යක් සට­හන් කර­ගෙන තිබිණි. වෛද්‍ය­ව­රිය ඊයේ (08) කෑගල්ල මහ රෝහලේ අධි­ක­රණ වෛද්‍ය­ව­රයා වෙත ඉදි­රි­පත් කෙරිණි. පැමි­ණි­ල්ලෙන් පසුව සැක­කාර වෛද්‍ය­ව­රයා තාව­කා­ලි­කව පදිං­චිව සිටි අර­ණා­යක ප්‍රාදේ­ශීය රෝහලේ නේවා­සි­කා­ගා­ර­ය­කට පෙරේදා (07) පොලිස් අර­ක්ෂාව ලබා දී තිබුණු අතර ඊයේ (08) සැක­කාර වෛද්‍ය­ව­රයා අර­ණා­යක පොලි­සි­යට රැගෙන ගොස් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.


අත්අ­ඩං­ගු­වට ගෙන ඇති වෛද්‍ය­ව­ර­යා රෝහල ආසන්නයේ ඩිස්පැන්සරියක්ද පවත්වා යන්නෙකි. ඔහුගේ පළමු බිරිය වන හෙද නිල­ධා­රි­නිය හැර­ගොස් ඇති බවත් පසුව ඔහුගේ දෙවැනි බිරිය වන හෙද නිල­ධා­රි­නි­යගේ උස්සා­පි­ටිය පොල්අ­ඹේ­ගොඩ නිවෙසේ පදිං­චිව සිට ඇති බවත් පොලි­සිය පැව­සීය.

ඔහු කුරු­ණෑ­ගල ප්‍රදේ­ශයේ උපන් අයකු බවත් පොලි­සිය පැව­සීය.විසි­අට හැවි­රිදි අදාළ වෛද්‍ය­ව­රිය වෙනත් රෝහ­ලක සිට ස්ථාන මාරු­වක් ලබා ඉකුත් (05) අර­ණා­යක දිසා රෝහලේ සේවය සඳහා පැමිණ ඇති බව ද සඳ­හන්ය.
ඇයට අතවරය සිදුවන්නේ පැමිණ දින තුනක් ගතවූ දිනයේදීය.
සිද්ධිය සම්බ­න්ධ­යෙන් කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්පති රොෂාන් රාජ­පක්ෂ කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි වයි.එල්. ලීල­වංශ, සහ­කාර පොලිස් අධි­කාරි චමින්ද ධර්ම­රත්ත යන නිල­ධා­රින්ගේ ඍජු අධී­ක්ෂ­ණය යටතේ අර­ණා­යක පොලි­සිය විම­ර්ශන කට­යුතු සිදු කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka