gossip lanka

''අපේ ජීවිතේ පහුගිය මාස නවය ඇත්තෙන්ම වටිනා ගමනක්...'' - ජනප්‍රිය නළු පැතුම්, උතුම් පිය පදවියට (PHOTOS)

මීට කාලෙකට ඉස්සර ගීත රූප රචනාවලට නැතුවම බැරි වුණු තරුවක් තමයි, පැතුම් රුක්ෂාන්.

ඒ විදියට රසික හිත්වල ඉඩක් වෙන්කර ගත්තු මේ හැඩකාරයා නිවේදකයෙක්, රංගන ශිල්පියෙක්, නිරූපණ ශිල්පියෙක් හැටියට සෑහෙන්න කතාබහට ලක්වුණා.

පස්සෙ පස්සෙ නිර්මාණ කටයුතුවලින් නිතර දකින්න නොලැබුණාට මොකද පැතුම්ගේ මූණ නම් අමතක වෙලා නෑ කාටවත්.

ඉතින් ඔය විදියට කාගෙත් ආදරය දිනූ ඔහු ගැන සුබ ආරංචියක් අහන්න ලැබුණා.

ඒ, පැතුම් සිය ෆේස්බුක් ගිණුමට එක්කාසු කළ සටහනක් එක්ක.

සටහන විතරක් නෙවෙයි මේ විදියට අපේ ඇස නතර කළ සේයා රූ එකතුවක් ද ඒත් එක්කම දකින්න ලැබුණා.

ඔන්න ඉතින් මේ විදියට උතුම් වූ පිය පදවිය ලබන්න සූදානමින් ඉන්න පැතුම්ට සුබපැතුම් වැහි වැහැලා...

මේ ඔවුන්ගේ ආදරණීය මතක සැමරුමේ සම්පූර්ණ සේයා රූ එකතුව...
gossip lanka