gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“වසංගතයෙන් පස්සේ තමයි මේ හැමදේම වුණේ – අපි ආධ්‍යාත්මික ගමනකට බහින්න ඕනේ” – පූජා කියන කතාව

පූජා උමාශංකර් කියන්නේ සිංහල කලා ක්ෂේත්‍රය තුළ සිනමා නිර්මාණයන් රැසකට රංගනයෙන් දායකත්වය දක්වපු ආදරණීය රංගන ශිල්පිනියක්.කලාකරුවන් රැසක් එක්ක ඉතාමත් හොඳින් සහයෝගයෙන් වැඩ කටයුතු කරපු පූජාට ලංකාවේ ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් ආදරෙයි.

හැබැයි පසුගිය කාලේ වසංගතයෙන් පස්සේ ඇය පිළිබඳව නිතර අපිට අහන්න දකින්න ලැබුණේ නැහැ.ඒකට හේතුව ඇය නැවත වතාවක් ඉන්දියාවට ගිහින් ජීවත් වෙන නිසයි.සමහරක් දෙනා කියන්න පටන් ගත්තා ඇය මුහුණු පොතේ පළ කරන විවිධ සංකල්පනා නිසා පූජාටර් ජීවිතය එපා වෙලා ඇය අධ්‍යාත්මික ගමනකට සම්බන්ධ වෙන්න පටන් අරන් කියලා.මේ පිළිබඳව පුවත්පත්වල රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවල කතාබහ කරද්දී ඇත්තටම ඒ සම්බන්ධයෙන් ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ඔව් මම ක්‍රිස්තියානි.වසංගතයෙන් පස්සේ තමයි මේ හැමදේම වෙනස් වුණේ.මම මගේ මුහුණ පොතේ දාලා තිබුණේ ජේසුස් වහන්සේ ගැනයි බයිබලය ගැනයි විතරයි.ගොඩක් අය ෆේස්බුක් එකේ දාන්නේ තමන් ආස කරන දේවල්.මමත් දැම්මේ මම ආස කරන දේවල්.සමහර අය හිතුවා මම ඒ නිසා අධ්‍යාත්මික ගමනකට සූදානම් කියලා.ඇත්තටම අපි ඔක්කොම ආධ්‍යාත්මික ගමනකට බහින්න ඕනේ. ඒක කරන්න ඕනේ.ඒක අපි කරන්න ඕනේ ආච්චිලා සීයලා උනහම නෙවෙයි තරුණ වයසෙදිමයි”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka