gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"කිරි අම්මේ මට එච්චර අමාරු නෑ.. කකුල ටිකක් රිදෙනවා එච්චරයි මට ගෙදර එන්න පුළුවන් වෙයි.." නිතාෂාගේ වියෝවෙන් හඬා වැටෙන අත්තම්මා කී කතාව මෙන්න..

මේ කියන්න යන්නේ නොසොතූ මොහොතක ඇයට අත් වූ ඉරණම පිළිබඳ කතාවක්...

“කිරි අම්මේ, මට එච්චර අමාරු නෑ, කකුල ටිකක් රිදෙනවා එච්චරයි. ඉක්මනට හොඳ වෙලා ගෙදර යන්න පුළුවන් වෙයි.”

ඇය අවසාන හුස්ම හෙලන්න මොහොතකට කළින් අත්තම්මාට කියලා තිබුණේ එච්චරයි.. සර්පයකු දෂ්ට කිරීමෙන් ජීවිතක්ෂයට පත්වූ පාසල් සිසුවියකගේ හදිසි මරණ ගැන ඇයගේ මිත්තණිය වන ආර්. චන්ද්‍රවතී පැවසුවේ එපමණයි..

මේ සිද්ධිය අපට ඇහෙන්නේ කෑගල්ල පොලිස් වසමේ, හෙට්ටිමුල්ල කණු හැත්තෑව, ගොඩගන්තැන්නේ ප්‍රදේශයෙන්.. කෑගල්ල හෙට්ටිමුල්ල ජාතික පාසලේ ඉගෙනුම ලබා පසුගිය වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි කුඩාකළු ආරච්චිල්ලාගේ නිතාෂා සංදීපනි නමැති 17 හැවිරිදි පාසල් සිසුවිය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණා..

ඇය ඉකුත් 26 වැනිදා රාත්‍රී මිත්තණිය සමඟ නිවෙසේ සිට ඇඟලුම් ආයතනයක සේවය කර නිවෙසට පැමිණෙන මව රැගෙන ඒමට කණු හැත්තෑව සොහොන හන්දියට ගොස් ඇති අතර, කිලෝ මීටරයක් පමණ දුරින් පිහිටි නිවෙසට මවත්, මිත්තණියත් සමඟ කොන්ක්‍රීට් ඇතිරූ මාර්ගය දිගේ ඇය පැමිණෙමින් සිටියදී පො‍ළඟෙකු ඇයට දෂ්ට කර තිබුණා.. පසුව ඇයව වහාම කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමට මවත් මිත්තණියත් කටයුතුකර තිබෙනවා..

පසුව වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා 28 වැනිදා මහනුවර මහ රෝහලට ඇයව මාරු කර යවා ඇති අතර, එහිදී ඇය මිය ගොස් තිබෙනවා.. මෙහි හදිසි මරණ පරීක්ෂණය පෙරේදා මහනුවර මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක ඩබ්ලිව්. ආර්. එච්. එම්. ආර්. චන්ද්‍රවංශ වරකාඋල්ල මහතා ඉදිරියේදී මහනුවර මහ රෝහලේදී පැවැත්වුණා.. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka