gossip lanka

"අනේ අයියේ මට සමාවෙන්න" - සැමියාට ගත් ඇමතුම මාරුවී බිරිඳට වෙන කෙනෙක් ළඟට යන්න වෙලා! අන්තිමට වුණ දේ මෙන්න!

මාස දෙකකින් නිවසට නොපැමිණි තම සැමියාට බිරිඳ ජංගම දුරකතනයෙන් ලු‍ණු ඇඹුල් ඇතිව කළ දෝෂාරෝපණය වැරදි අංකයකට ගොස් තිබීමෙන් පසුදින එම දුරකතන අංකය හිමි හිතවතා සොයා ගොස් සමාව අයැදි කාන්තාවක් පිළිබඳ පුවතක් වාර්තා වෙනවා.

ඇයගේ සැමියා කොළඹ ඉදිකිරීම් ආයතනයක සුළු රැකියාවක් කරන අතර රැකියාවෙන් නිවාඩු ලද අවස්ථාවේ අදාළ වැටුපද රැගෙන නිවසට ඒම ඔහුගේ පුරුද්ද විය.

නමුත් පසුගිය දිනවල රටේ පැවති අයහපත් තත්ත්වය හේතුවෙන් ඔහුට හරි හැටි වැඩක් නොතිබූ අතර ගමට ඒමටද අපහසු විය.

නිවසට මුදල් එවීමටද ක්‍රමයක්ද නොමැතිවිය. මාස දෙකක තරම් කාලයක් එලෙස වූ නිසා ගෙදර අගහිඟකම් එන්න එන්නම වැඩිවිය.

මේ ගැන බිරිය සැමියාට නිතර පැවසුවත් ඉදිකිරීම් ආයතනයේ හිමිකරු මසකින් පමණ ආයතනයට නොපැමිණීම නිසා සේවයේ නියුතු වූවන්ට වැටුප පවා ගැනීමට නොහැකිවී තිබුණි.

මෙම තත්ත්වය බිරිය කතා කරන හැම මොහොතකම පැවසුවත් ඇයගේ ගැටලු‍වට විසඳුමක් නොවුණි.

මෙදින උදෑසන ඇය තම සැමියාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තේ කෙසේ හෝ මුදල් රැගෙන නිවසට පැමිණෙන ලෙස දැනුම් දීමටයි.

එම ඇමතුමට පිළිතුරු දුන් සැමියාගෙන් ලැබුණු ප්‍රතිචාරයෙන් ඇය යක්ෂාරූඩ වූවාය.

“ආ නංගි, කොහොමද සනීපෙන් ඉන්නවාද? ,මොකද මාව මතක් වුණේ.” ඒ සමඟම ඇයගේ මුවින් කිසිදා පිට නොවන වචන මාලාවක් පිටවිය. එය කෙනෙකුට අසා සිටීමට තරම් නොහැකිය.

ඇයගේ වදන් වැලට අනෙක් පසින් පිළිතුරක් ලැබුණේ “අනේ නංගි උඹ කාටද ඔය බනින්නේ මම අහවලානේ. උඹේ මහත්තයාට බණින බැණුම් මට බැණලා හරියනවාද”? කියා විමසුවේ ඇයගේ බැණුම නිමා වීමත් සමඟයි.

එම කතාවෙන් උන් හිටිතැන් අමතක වු අතර තමන් තම සැමියාට යැයි සිතා වැරදීමකින් අමතා ඇත්තේ ඔවුන්ගේ පවුලේ ඥාතියකුට බව වැටහුණි.

“අනේ අයියේ මට සමාවෙන්න. මම මේ ඇමතුම ගත්තේ මගේ මහත්තයාට. එයා මාස දෙකකින් ගෙදර ආවේත් නෑ. සල්ලි එව්වෙත් නෑ. ඒකයි මේ ටිකක් සැරට කතා කළේ. අනේ අයියේ වරදක් වුණා නම් සමාවෙන්න.” යැයි කියා ඇය දුරකතනය විසන්ධි කර සිදුවූයේ කුමක් දැයි කල්පනා කරන්නට වූවාය.

සැමියාට යැයි කලබලයෙන් තමන් හස්බන්ඩ් යන ඇමතුම කියා තමන් රැගෙන ඇත්තේ ඔහුට බව වැටුහුණි.

මෙම කතාවෙන් දැඩි සේ පීඩාවට පත්වූ ඇය “අයියා හමුවෙලා මේකට සමාවගන්න ඕනෑ. නැතිනම් අපිත් එක්ක එයා තරහ වේවි” යැයි ඉටාගෙන පසු දිනම ඔහුගේ නිවසට ගොස් තමන් අතින් සිදුවූ වරදට සමාව දෙන ලෙස ඉල්ලා සිටියාය.
gossip lanka