gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"එක රටක් ජාතීන් දෙකක්" - ප්‍රශ්න පත්‍රයට ඇතුළු වූ දේශපාලන තේමා පාඨයක් නිසා උතුර කැළඹෙයි!

මේ කියන්න යන්නේ විභාග ප්‍රශ්නපත්‍රයක් නිසා දුර ගිය කතාවක්..

මෙහෙම දේවල් පාසල් ළමයින්ගේ පත්‍රවලට ඇතුල් වෙනකන් කවුරුත් ඒවා දැක්කේ නැද්ද..? නැත්නම් මේකත් සැලසුම් කරපු දෙයක්ද..? 

උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා 11 වන ශ්‍රේණියේ සිසුන් සඳහා පවත්වන ලද වාර විභාගයේ දෙමළ භාෂාව හා සාහිත්‍ය විෂයට දේශපාලන වැකියක් හා එම පක්ෂයට අදාල ඡායාරූපයක් ඇතුළත් කර තිබෙනවා..

ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ..

"එක රටක් ජාතීන් දෙකක්" යන වැකිය සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද? යනුවෙන් ප්‍රශ්නයේ සඳහන්ව ඇති අතර, එම වැකිය උතුරේ ප්‍රබල දෙමළ දේශපාලන පක්ෂයක තේමා පාඨය බවයි ඔහු සඳහන් කරන්නේ...

එමෙන්ම ඔහු සඳහන් කළේ එම ප්‍රශ්නයට පසු ඊළඟ ප්‍රශ්නය සඳහා ඡායාරූපයක් පලකොට තිබූ බවත් එම ඡායාරූපය ඉහත කී දෙමළ දේශපාලන පක්ෂයේ පක්ෂ ලාංඡනය බවයි...

එහිදී සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැඩි ලෙස විවේචනය කරමින් මෙම ප්‍රශ්න දෙක එම පක්ෂයට හිතවත් අයෙකු විසින් ප්‍රශ්න පත්‍රයට ඇතුළත් කොට ඇති බවට චෝදනා නගා තිබූ අතර, පසුව ඒ සම්බන්ධයෙන් එල්ල වූ දෝෂාරෝපණ ඉහළ යාමත් සමඟම පොලිස් පරීක්ෂණ ආරම්භ කොට තිබෙන බවයි වාර්තාකරු සඳහන් කළේ...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka