gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළඹ 07 ව්‍යාපාරික කාන්තාවකගේ නිරුවත් ඡායාරූප පෙන්නා බ්ලැක්මේල් කළ නිවසේ සේවක පෙම්වතාට නඩු!

කුරු­දු­වත්ත ප්‍රදේ­ශයේ 55 හැවි­රිදි කෝටි­පති ව්‍යාපා­රි­ක කාන්තාවකගේ නිරු­වත් ඡායා­රූප වට්ස්අප් මාර්ග­යෙන් විවිධ පුද්ග­ල­යන් වෙත යොමු­ක­රන බව සහ ප්‍රසිද්ධ කරන බවට පවසා රුපි­යල් ලක්ෂ 25ක මුද­ලක් බලෙන් ලබා­ගත් එම නිවසේ සේවය කළ සේව­ක­ය­කුට එරෙ­හිව කුරු­දු­වත්ත පොලි­සිය කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධිකරණයේ ඊයේ (19) නඩු පැවැ­රීය.

මෙම සිද්ධි­යට අදා­ළව නිති­ප­ති­ව­ර­යා­ගෙන් ලද උප­දෙස් ප්‍රකා­රව අධි­ක­ර­ණය හමුවේ නඩු­ප­ව­රනු ලැබුවේ කුරු­දු­වත්ත පොලි­සිය විසිනි.

ඒ අනුව, මෙලෙස නඩු පව­රනු ලැබුවේ නො. 483/12, කිරි­ම­ණ්ඩල මාවත, නාරා­හේ­න්පිට, කොළඹ 05 පදිංචි පල්ලි­යගේ දොන් අජිත් ප්‍රියන්ත (45) නමැත්තාට එදිරිවය.

තම නිවසේ සේව­යට පැමිණී චුදිත සමඟ තමන් ප්‍රේම සම්බ­න්ධ­තා­වක් පැවැත්වූ බවත් පසුව ඔහු තමන්ගේ ඡායා­රූප රැගෙන මෙලෙස තර්ජ­නය කර බලෙන් මුදල් ලබා­ගත් බවත් පැමි­ණී­ලි­කා­රිය සිය පැමි­ණී­ල්ලෙන් දක්වා ඇතැයි කුරු­දු­වත්ත පොලි­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම සිද්ධියේ උදෘත නිති­ප­ති­ව­රයා වෙත යොමු­කළ බවත් එහි­දී­ නි­ති­ප­ති­ව­රයා චුදි­තට එරෙ­හිව නඩු පව­රන ලෙසට උප­දෙස් ලබා දී ඇති බව්ත කුරු­දු­වත්ත පොලි­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

නිරු­වත් ඡායා­රූප වට්ස්අප් මගින් විව­ධ ­පු­ද්ග­ල­යන්ට පෙන්වන බවට සහ එම ඡායා­රෑප ප්‍රසිද්ධ කරන බවට පවසා රුපි­යල් ලක්ෂ 25ක මුද­ලක් බලෙන් ලබා­ගැ­නීම, සාප­රාධී බියගැන්වීම සහ ලිංගික හිරි­හැර කිරීම යටතේ ලංකා දණඩ නිති සංග්‍ර­හයේ 373, 486 සහ 345 වගන්ති ප්‍රකා­රව චුදිට එරෙ­හිව චෝදනා තුනක් යටතේ නඩු පව­රන බව කුරු­දු­වත්ත පොලි­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් නඩුව කැදැවූ අව­ස්ථාවේ දී අධි­ක­ර­ණය විසින් චූදි­තට එරෙහි චෝදනා තුනක් කියවා දෙනු ලැබූ අතර, එහි දී තමන් එම චෝදනා සම්බ­න්ධ­යෙන් නිවැ­රදිකරු බව චූදිත සඳ­හන් කළේය.

ඒ අනුව නඩුව ලබන මාර්තු මස 25 වැනිදා තෙක් කල්තැබූ අධි­ක­ර­ණය පැමි­ණීල්ලේ පළමු දෙවැනි සහ තුන්වැනි සාක්ෂි­ක­රු­වන්ට සිතාසි නිකුත් කර­මින් එදින තෙක් නඩුව කල්තැබීය.(දිනමිණ)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka