gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තාත්තයි පුතයි අසල්වැසි තරුණයෙක් එක්ක 12 හැවිරිදි ඥාති දැරියක් දූෂණය කරලා…තුන්දෙනාම අත්අඩංගුවට!

මීගොඩ ප්‍රදේශයේදී 12 හැවිරිදි දැරියක්   දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 61 හැවිරිදි පෙදරේරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
දූෂකයින් අතර සිටින දෙදෙනෙක් පියපුතු දෙපළකි.  මේ පිය පුතු දෙපළ දැරියගේ ඥාතීන්ය. අනෙක් තැනැත්තා අසල්වැසියෙකි.

මීගොඩ ගල්වලමුල්ල ප්‍රදේශයේ පදිංචි  මෙම පාසල් දැරිය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට අවස්ථා කිහිපයකදී මෙම පුද්ගලයින් තිදෙනා විසින්  දූෂණය කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

බාලවයස්කාරිය එය සඟවා ගෙන සිට  මවට පැවසීමෙන් පසු ඇයගේ මව විසින් ඊයේ (16) දින අදාල සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය වෙත පැමිණිලි කර ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය අපයෝජනයට සම්බන්ධ ඇයගේ අසල්වැසි තරුණයකු හා ළගම ඥාතීන් වන පිය පුතු දෙපළක්ද මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් සැකකරුවන් මීගොඩ ගල්වලමුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka