gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“සැමියාට ගෞරවයක් දෙන්න ඕනි නිසා මම නිව්ස් කියද්දි එයාගේ වාසගම භාවිතා කළා” – මහේෂි

මහේෂි මදුසංකා කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්.ඉතින් ඇය රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයේ විවිධ ටෙලි නාට්‍යත් එක්ක සම්බන්ධ වුණත් මේ දවස්වල නම් ඇය අපිට දැක බලා ගන්න හැකියාව ලැබෙන්නේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටයි.

මහේෂිට ඒ කාලේ ඉඳන්ම ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න ආසාවක් තිබිලා තියෙනවා.හැබැයි ඒ හීනේ මේ තරම් ඉක්මනින් හැබෑ වෙයි කියලා ඇය හිතලා නැහැ.වාසනාවකට ස්වර්ණවාහිනී ආයතනයෙන් ඇයට ආරාධනාවක් ලැබුණා ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට එකතු වෙන්න කියලා.

ඒ ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ඇය විදෙස්ගත වෙන්න තීරණය කරන මොහොතේ වුනත් ඒ ගමනත් මදකට පසුපසට දාලා ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න තීරණය කළා.ඇයට මේ සඳහා දිරිමත් කරමින් උදව් උපකාර කරපු යෝධ සෙවනැල්ල තමයි ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයා.ඉතින් ඒ දේවල් එක්ක ඇය පළමු වතාවට ප්‍රවෘත්ති ඉදිරිපත් කරද්දී ඇය ප්‍රවෘත්තියේ කියන විට පාවිච්චි කරේ ඇයගේ නමේ මුල කොටසත් සමග වෙනස් වාසකමක්.ඒ සම්බන්ධයෙන් මහේෂි කිව්වේ මේ වගේ කතාවක්.

“මම නිවුස් කියදි පාවිච්චි කලේ මගේ සැමියාගේ වාසගම ඇත්තම කතාව නම් මම සියල්ලම අත  ඇරලා ඩුබායි වල පදිංචියට යන්න හදපු වෙලාවේ තමයි සම්පත් මගේ සැමියා කිව්වේ ඔයාට මේක හොඳ අවස්ථාවක් බාරගන්න කියලා.එයා ඒ අවස්ථාව මට ගන්න කියලා දුන්න විශ්වාසයට ඔහුට පෙරළා කරන ගෞරවයක් විදිහට තමයි මම නිවුස්වලදී මගේ වාසගම වෙනුවට සැමියාගේ වාසගම පාවිච්චි කරේ.මම මීට පෙර කවදාවත් මහත්තයාගේ වාසගම පාවිච්චි කරලා තිබුණෙ නැහැ. මොකද මම සැමියාගෙන් ගොඩ යන කෙනෙක් නෙවෙයි.එයත් දැනගෙන හිටියේ නෑ ඒ සම්බන්ධයෙන් ඇත්තටම මගේ මහත්තයත් ඒ නිසා පුදුම වුණා.gossip වල දාලා තිබුණා මම බයට නම වැරදියට කිව්වා කියලා”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka