gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මම පැවිදි දිවියට ආ නිසා මගේ පුතා මාත් එක්ක අවුරුදු දෙකක් තිස්සේ කතා කරන්නේ නැහැ”

ජීවිතය කියන්නේ හරි අරුම පුදුම දෙයක් සමහර වෙලාවට ජීවිතය තුළදී සල්ලි හම්බ කරන්න මුදල් හම්බ කරන්න දේපළ තණ්හාවෙන් තව තව දේවල් එකතු කරගන්න වෙර වීරිය දරන මිනිස්සු අතරේ ජීවිතේ කියන්නේ අනිත්‍යයි කියලා තේරුම් අරගෙන තමන්ට තියෙන සැප සම්පත් පවා අතහැර පැවිදි ජීවිතයට යන බොහෝ දෙනෙක් ඉන්නවා.

ඉතින් අන්න ඒ විදිහට ප්‍රසිද්ධිය ජනප්‍රියත්වය සහ බොහෝ දේවල් ඇය සතු වුණත් ගිහි ජීවිතයට සමුදය ඉල්ලා පැවිදි ජීවිතය වැළඳ ගත් කලාකාරිනියක් ගැන තමයි මේ කියන්න සූදානම.ඇය ගිහි ජීවිතය තුළ එදා නීතා සමරනායක යන නමින් තමයි ප්‍රසිද්ධ වුණේ.2016 වර්ෂයේ දී ඇය රංගන ශිල්පිනියක් විදිහට වැඩ කටයුතු කළා ටෙලි නාට් එකසිය තිස් හයක ප්‍රමාණයක් චිත්‍රපටි දහයක පමණ ප්‍රමාණයක ඇය රඟපාපු ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

හැබැයි ඇයට එක්තරා අවස්ථාවකදී තේරෙනවා ජීවිතය කියන්නේ කිසිම තේරුමක් නැති දෙයක්. ඒ නිසාම විනෝද වෙලා කාලා බීලා ඉන්නවට වඩා ඒ ජීවිතය ගැන ගැඹුරෙන් ටිකක් හිතන්න ඕනි කියලා.එහෙම හිතපු ඇය බණ භාවනා වලට යොමු වුණා.ඊටත් පස්සේ ඇය පැවිදි ජීවිතයට යන්න ඕන කියන තීරණයට එනවා.අද වන විට ඇයත් බණ දහම් එක්ක කාලය ගත කරත් ගිහි ජීවිතය තුළ ඇය අම්මා කෙනෙක් නිසා බැඳීම්වලින් සම්පූර්ණයෙන්ම ඇයට තාමත් නිදහස් වෙන්න බැරිවෙලා. ඉතින් ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ කිව්වේ මේ වගේ කතාවක්.

“ධර්මය ටිකෙන් ටික වටහා ගන්නකොට විටෙක මට හිතෙන්න සැබෑ මොකක් වීම තමයි මේ ලෝකේ නිවනට තියෙන ලොකුම බාධාව කියලා.අම්මා කෙනෙකුට තමන්ගෙ දරුවන්ව හිතෙන්න අයින් කරන එක තමයි අමාරුම දේ. ඒක හරියට ජීවත් වෙලා සිටියදීම හදවත ඇදලා ඇරගෙන දානවා වගේ වැඩක්.මේ මගදී අම්මා කෙනෙකු අතින් දරුවන්ව අතාරින්න පුළුවන් එයාලට කතා නොකර ඉන්නත් පුළුවන්. මගේ පුතා මායි අවුරුදු දෙකක් තිස්සේ කතා කරන්නේ නැහැ. නමුත් මගේ හිතේ ඇතිවෙච්ච උපාදානය ගැලවිලා නැහැ.අම්මා කෙනෙකුට නිවන් දකින්න අමාරුයි කියලා මේ මග වඩාගෙන යනකොට මට තේරෙනවා”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka