gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"චෝදනා ඔප්පු වෙලා... ලයිට් නිවා, ෆෑන් නවතා කොටකෙතන ඝාතකයාට මරණ දඬුවම දුන්නේ මෙහෙමයි..." සියල්ලන් මවිත කරවූ චුදි­ත­යාගේ අන්තිම ප්‍රකා­ශ­ය මෙන්න

රත්න­පුර කහ­වත්ත කොට­කෙ­තන ප්‍රදේ­ශයේ මවක සහ දිය­ණි­යක සාහ­සික ලෙසින් ඝාත­නය කළ චෝද­නා­වට වර­ද­කරු වූ ‘කහ­වත්ත කාන්තා ඝාතන දාම ඝාත­ක­යාට’ රත්න­පුර මහා­ධි­ක­රණ විනි­සුරු ලංකා ජය­රත්න මෙනෙ­විය ඊයේ මර­ණීය දණ්ඩ­නය නියම කළාය.

රත්න­පුර මහා­ධි­ක­ර­ණයේ ඒ වන විට දැල්වෙ­මින් තිබූ විදුලි පහන් නිවා දමා විදුලි පංකා අක්‍රිය කිරී­මට නියම කළ මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රිය, ජනා­ධි­ප­ති­ව­රයා නියම කරන දින­යක වේලා­වක වැලි­කඩ බන්ධ­නා­ගා­රය තුළ දී විත්ති­ක­රුගේ ප්‍රාණය නිරුද්ධ වන තෙක් එල්ලා තැබී­මට නියෝග කර­මින් විත්ති­ක­රුට එරෙ­හිව මර­ණීය දණ්ඩ­නය නියම කළාය.

දීර්ඝ නඩු විභා­ග­ය­කින් පසු චුදි­තට එල්ල කර තිබූ චෝදනා තුනෙන් දෙක­කට වර­ද­කරු කර­මින් මෙලෙස මර­ණීය දණ්ඩ­නය නියම කරනු ලැබුවේ රත්න­පුර කහ­වත්ත කොට­කෙ­තන පදිංචි අකු­රු­ගොඩ ජය­ලත්ගේ නීල් ලක්ෂ්මන් නොහොත් ‘මහ­ත්තයා’ නමැති හත­ළිස් දෙහැ­වි­රිදි දෙදරු පියෙ­කු­ටය.

මෙම නඩුවේ තීන්දුව ලබා දීම අධි­ක­ර­ණය හමුවේ ඊයේ (19) පැය දෙක­කට ආසන්න කාල­යක් පුරා සිදු කෙරිණි. පැමි­ණිල්ල වෙනු­වෙන් නීති­ප­ති­ව­රයා නියෝ­ජ­නය කර­මින් නියෝජ්‍ය සොලි­සි­ටර් ලක්මාලි කරු­ණා­නා­යක මහ­ත්මිය අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­යාය.

2012 වසරේ ජූලි 19 වන දින රාත්‍රී 10ත් පාන්දර 3ත් අතර කාල­යේදී කහ­වත්ත කොට­කෙ­තන පදිං­චිව සිටි ලිය­න­ආ­ර­ච්චිගේ ප්‍රේම­වතී හා හේවා­ග­මගේ පුෂ්ප­කු­මාරි යන මව හා දිය­ණි­යට බර ආයු­ධ­ය­කින් හිසට මර­ණීය තුවාල සිදු වන ආකා­ර­යෙන් පහර දී ඝාත­නය කිරීම සම්බ­න්ධ­යෙන් විත්ති­ක­රුට එරෙ­හිව නීති­ප­ති­ව­රයා අධි චෝදනා නඟා තිබිණි.

මෙම සිද්ධි­යට අදා­ළව සැක­ක­රු­වකු ලෙසින් අකු­රු­ගොඩ ජය­ලත්ගේ නීල් ලක්ෂ්මන් නොහොත් ‘මහ­ත්තයා’ යන අය 2015 වස­රේදී අත්අ­ඩං­ගු­වට ගෙන රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටි­යේය.

මෙම ඝාත­න­යන් සිදු වූ දින එව­කට වයස අවු­රුදු 31ක් වූ අවි­වා­හක රූමත් තරු­ණි­යක වන හේවා­ග­මගේ පුෂ්ප­කු­මාරි යන තරු­ණි­යට බල­හ­ත්කා­ර­යෙන් ලිංගික ක්‍රියා­වක් සිදු­කොට පසුව ඇයගේ හිස ප්‍රදේ­ශ­යට දරුණු ලෙස තුවාල 9ක් හා ඇයගේ මවගේ හිසට බර­ප­තළ මර­ණීය තුවාල 9ක් සිදු­කොට ඔවුන් ඝාත­නය කිරී­මෙන් පසු සාක්ෂි වසන් කිරීමේ අර­මු­ණෙන් එම මව හා දිය­ණිය නිවසේ තිබූ මෙට්ට­යක් මත තබා නිව­සත් සමඟ ගිනි තබා විනාශ කර ඝාත­නය කිරීම සම්බ­න්ධව මෙම සැක­ක­රුට එරෙ­හිව අධි චෝදනා තුනක් යටතේ දීර්ඝ නඩු විභා­ගය සිදු කෙරිණි.

2012 වසරේ ජූලි මස 07දා කහ­වත්ත කොට­කෙ­තන ප්‍රදේ­ශ­යේදී ලේකම්ගේ ප්‍රේමා­වතී (58) සහ හේවා­ග­මගේ පුෂ්ප­කු­මාරි (29) නමැති තරු­ණිය ඝාත­නය කිරීම හා එම තරු­ණි­යට ලිංගික අත­වර කිරීම යන අධි චෝදනා තුන යටතේ විභාග වූ නඩුවේ ඉදි­ර­පත් වූ සාක්ෂි හා ඩී.එන්.ඒ. වාර්තා අනුව සැක­ය­කින් තොර­වම කාන්තා­වන් දෙදෙනා ඝාත­නය කිරීමේ අධි චෝදනා දෙකට මෙම සැක­කරු වර­ද­කරු බවට ඔප්පු වී ඇති බැවින් මෙම විත්ති­කරු වැලි­කඩ බන්ධ­නා­ගා­රය වෙත ගෙන ගොස් එහි බිත්ති හතර තුළදී ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­ර­ජයේ ජනා­ධි­ප­ති­තු­මන් විසින් නියම කරන දින­කදී මෙම චුදි­ත­යාට මරණ දඬු­වම ක්‍රියා­ත්මක කිරී­මට මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රිය නියෝග කළාය.

මෙහිදී විනි­සු­රු­ව­රිය චුදි­ත­යා­ගෙන් විමසා සිටියේ ඔබට අව­සන් වශ­යෙන් යම් ප්‍රකා­ශ­යක් සිදු කිරී­මට ඇත්දැයි යන්නයි. එහිදී චුදි­තයා ප්‍රකාශ කර සිටියේ ‘‘ස්වාමීනි මම වර­දක් සිදු කළේ නෑ” යනු­වෙනි. එහිදී විනි­සු­රු­ව­රිය නැව­තත් චුදි­ත­යා­ගෙන් විමසා සිටියේ “තමාට කීමට ඇත්තේ එප­ම­ණක්ද? යන්නයි” එවිට ඔහු පැව­සුවේ “ඔව් ස්වාමීනි” යන්නයි.

මෙම දීර්ඝ නඩු කට­යුත්තේ පැමි­ණිල්ල වෙනු­වෙන් රජයේ නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව නියෝ­ජ­නය කර­මින් නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මාලි කරු­ණා­නා­යක මෙන­විය පෙනී සිටි අතර, විත්ති පාර්ශ්වය වෙනු­වෙන් නීතිඥ චාමින්ද කෝන්පි­ටිය මහතා පෙනී සිටි­යේය.

නීතිඥ කෝන්පි­ටිය මහතා මෙම නඩුවේ විත්ති පාර්ශ්වය වෙනු­වෙන් ඉතා කැප­වී­මෙන් පෙනී සිට කරුණු දැක්වීම සම්බ­න්ධව මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රිය මෙහිදී ප්‍රශං­ස­නා­ත්මක ප්‍රකා­ශ­යක්ද සිදු කළාය.

‘මහ­ත්තයා’ නමින් ප්‍රසිද්ධ මෙම චුදිත කොට­කෙ­තන ඝාතන හත­කට සම්බන්ධ බවට නීති­ප­ති­ව­රයා මෙම අධි­ක­ර­ණයේ නඩු පවරා ඇත.

කොට­කෙ­තන ඕපා­ත­ව­ත්තේම කම්ක­රු­වකු ලෙස ජීවත් වී ඇති මොහු අව­සන් වරට 2015 නොවැ­ම්බර් මස 18 වැනිදා ද කාන්තා­වක් ඝාත­නය කර ඇති බව පරී­ක්‍ෂ­ණ­ව­ලදී අනා­ව­ර­ණය වී තිබේ.

ඊයේ මරණ දඬු­වම නියම වූ ද්විත්ව ඝාත­නය සම්බ­න්ධව කොට­කෙ­තන ප්‍රදේ­ශ­යේම පදිං­චි­ක­රු­වන් තිදෙ­නකු පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන කොළඹ මහා­ධි­ක­ර­ණයේ පවරා තිබූ නඩු­ව­කින් 2015 වසරේ මැයි 28 වනදා නිදොස් කොට නිද­හස් කර තිබිණි.‍ මෙම චුදි­තට එරෙ­හිව නීති­ප­ති­ව­රයා විසින් නඩු පව­රණු ලැබුවේ ඉන් අන­තු­රු­වය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka