gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොරෝනා එන්නත්වල අතුරු ප්‍රතිඵල එළියට.. ජනතාවගේ ජීවිත අනතුරේ!

කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් වන ෆයිසර්, මොඩර්නා සහ ඇස්ට්‍රසෙන්කා ලබාගැනීමෙන් පසු එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස හෘදයේ, මොළයේ සහ රුධිරයේ සංකූලතා ඇති වීමේ දුර්ලභ අවස්ථාවක් තිබෙන බව එම එන්නත සම්බන්ධයෙන් කළ අධ්‍යනයෙන් හෙළි වී ඇතැයි ෆෝර්බ්ස් සඟරාව සදහන් කරයි.

ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, නවසීලන්තය සහ ස්කොට්ලන්තය යන රටවල එම ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගත් මිලියන 99 කගේ වාර්තා මෙම අධ්‍යනය සඳහා භාවිත කර ඇති බවද ෆෝර්බ්ස් සඟරාව සදහන් කරයි.

අධ්‍යනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ අංශය වන ගෝලීය එන්නත් දත්ත ජාලය විසින් සිදු කර ඇති අතර මෙම ප්‍රතිශක්තිකරණ එන්නතෙන් කොවිඩ් වෛරස රෝග වැළඳීම වළක්වාලන බැවින් එම අවදානම ගැනීමේ වැරද්දක් නොමැති බවද විශේෂඥයන් අධ්‍යනය පිළිබඳ අදහස් දක්වමින් සදහන් කරයි.

එම පර්යේෂකයන් කණ්ඩායම එහිදී රෝග තත්ත්ව 13 ක් පිළිබඳව නිරීක්ෂණය කර ඇති අතර එහිදී එම රෝග තත්ත්වය වැළඳීමේ අවදානම ෆයිසර් , මොර්ඩනා සහ ඇස්ට්‍රසෙන්කා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමෙන් පසු ඉහළ යන ආකාරය ගැන පර්යේෂණ කණ්ඩායම අධ්‍යනය කර ඇත.

එම අධ්‍යනයේදී මොඩර්නා M.R.N.A සහ ෆයිසර් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත මාත්‍රා තුන ලබා ගැනීමෙන් පසුව මයොකාර්ඩයිටස් නම් හෘද රෝගී තත්ත්වය වැළඳීමේ අවදානම බලාපොරොත්තු වන ප්‍රතිශතයට වඩා 6 ගුණයකින් ඉහළ ගොස් ඇති බවට හෙළිවී ඇත.

පෙරකාඩයිටස් නම් හෘද රෝග තත්ත්වය ඇස්ට්‍රසෙන්කා එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබා ගත් පුද්ගලයන්ට වැළඳීමේ අවදානම 6.9 ගුණයකින් ඉහළ ගොස් ඇති බවද එම අධ්‍යනයෙන් අනාවරණය වී ඇති බවද ෆෝර්බ්ස් සඟරාව සදහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka