gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"කළුතර කේක් නෝනා මට දිගටම මඩ ගහනවා... මම හොරෙක් දුෂිතයෙක්ලු" - සමාජ මාධ්‍ය නියාමන පනතෙන් වහාම පියවර ගන්න රෝහිත ඉල්ලයි (VIDEO)

කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කළ සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් පැවසුවා.

තමා හොරෙක් බවත්, වහා ම අත්අඩංගුවට ගත යුතු බවත් එම ෆේස්බුක් සටහන්වල සඳහන්ව තිබූ බවත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට අවධාරණය කළා.

එම පළ කිරීම් තමාට මෙන් ම වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ද අපහාස වන අයුරින්, මෙම කාන්තාව සමාජ මාධ්‍යයේ විවිධ සටහන් තබා ඇතැයි කී මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, එම සටහන් නිසා තමාට ජීවිත තර්ජනයක් ඇතිවී තිබෙන බවයි.

එහි දී මන්ත්‍රීවරයා සඳහන් කළේ, තමා වරදක් කර තිබේ නම් ඕනෑම විවේචනයක් කළාට ගැටලුවක් නැතැයි ද, වරදක් නොකර මෙලෙස විවේචනය කිරීම සදාචාර විරෝධි බවයි.

මෙලෙස සමාජ මාධ්‍ය සටහන් තබා ඇති කාන්තාව 2015 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයට ද තරග කළ අයෙක් බව සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, "කේක් නෝනා" යැයි කියූ විට අදාළ කාන්තාව පිළිබඳ සියල්ලන් ම දන්නා බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka