gossip lanka

ලාංකික කාන්තාවන් ගෘහ සේවයට විදේශගත කිරීම නවතයි

කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය බවත් ඉහළ වැටුප් ලබාගත හැකි පුහුණු රැකියා අවස්ථා සදහා පමණක් ශ්‍රමිකයින් යැවීමේ වැදගත් බවද අමාත්‍ය මනුෂ නානායක්කාර සදහන් කරයි.

ඒ සදහා අවශ්‍ය පියවර ගැනීමට යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් දෙන ලෙසට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමයට අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

ගෘහ සේවිකාවන් විදේශ රැකියා සදහා පිටත් කර යැවීම වසර දහයක් තුළදී සම්පූර්ණයෙන්ම නතර කිරීම සදහා ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් යෝජනාවලියක් සකස් කර කඩිනමින් දෙන ලෙසට අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
gossip lanka