gossip lanka

'මට එයාව අත් අරින්න බැරිවුණා' - සැමියාට හොරෙන් 'අක්කා'ට අසම්මතයේ පෙම් කළ 'මල්ලි', ඇයව අමානුෂිකව ඝාතනය කළ හැටි කැමරාවක අහම්බෙන් පටිගත වෙයි

'චෙල්ලමේ' කියන්නෙ 'දමිළ සිනමාවේ' අතිශය ආන්දෝලනයක් ඇති කළ 'සුවි‌ශේෂී' සිනමා නිර්මාණයක්. 'සහෝදරියක'ට (වැඩිමහල් හිතකට) ආදරය කරන, 'සහෝදරයෙක්' ගැන දිග හැරෙන මෙම වෘත්තාන්තය (නැතහොත් අසම්මතය) අපූර්ව ලෙස 'ප්‍රේක්ෂකයින්' සලිත කරන්නට සමත් වනවා.

මෙම 'චිත්‍රපට' කතාව ගැන නැවත වතාවක් මුලු 'ඉන්දියාවේ'ම අවධානය යොමු වූ 'කරුණ' නම් එවැනි ම වූ 'ඛේදනීය සිදුවීමක්' එරට හැබැහින් සිදුවීම යි.

පසුගිය ජනවාරි 20 වැනිදා 'කර්නාටක' ප්‍රාන්තයම භීතියෙන් මුසපත් කරමින් 28 හැවිරිදි ගුරුවරියක් අමානුෂික ලෙස 'ඝාතනය' කොට තිබුණා.

28 හැවිරිදි 'දීපිකා' නම් වූ මෙම ගුරුවරියට වයස අවුරුදු 8ක පුංචි දරුවෙකුත් ඉන්නවා.

එදින හැබැහින් ම සිදුවූයේ කුමක්ද ?????

එදින 'දීපිකා' සුපුරුදු පරිදි 'නිවසට' නොපැණීම හේතුවෙන් සැමියා ඇයට ඇමතුමක් ගෙන තිබුණා. (ඒ වන විට වේලාව දහවල් 1යි විනාඩි 30යි...)

නමුත් දුරකතනය 'ප්‍රතිචාර' නොදක්වන තැන සැමියා 'පාසල' වෙත ඇමතුමක් ගෙන තිබුණා.

'දීපිකා තාම ගෙදර ආවේ නෑ. ඉස්කෝලේ ඇරිලා ආවා කියනවා. ඒත් ආරංචියක් නැහැ තාම...'

අනතුරු ව 'දීපිකාගේ අස්ථානගත වීම' ගැන පොලිස් විමර්ශන ඇරඹුණා.

මෙම 'ඛේදජනක සිදුවීමට' දින 15කට පමණ පෙර දී 'දීපිකා' හා ඇගේ සැමියා වන 'ලෝකේෂ්' අතර ගැටුමක් සිදු වූ බැව් ද දැනගන්නට ලැබී තිබුණා.

දීපිකාගේ නිසල මළසිරුර හමුවෙයි!!!

දීපිකාගේ සිරුර තමන්ට හමුවූ බැව් 'ලෝකේෂ්' පොලිසියට දන්වා ඇති අතර, පොලිසිය ඔහු කෙරෙහි 'සැක උපද්දවා' ගන්නෙ ඉන් අනතුරුව යි.

ඒ නමුත් 'ලෝකේෂ්' හා කළ සංවාදයකින් පසුව 'නිතිෂ් ගෞඩ' නම් වූ 'පිරිමි ළමයෙකු' ගැන පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබුණා.

අද්භූත කොලු ගැටයාගේ 'වට්ස්ඇප්' පණිවුඩය

'දීපිකා' අස්ථානගත වූ දින සිට දැඩි කලබලයට පත් ව සිටි 'නිතිෂ්', සිය පියා වෙත 'වට්ස්ඇප්' පණිවුඩයක් ද යොමු කර ඇති බැව් සඳහන්.

'මම වරදක් කළා‍. ඒ නිසා නංගිගේ මඟුල් ගෙදර වැඩ ඔයාම කරගන්න!!'

ක්ෂණියකින් පත්තු වූ වීඩියෝව

මේ අතර, 'යෝගා නරසිංහ' නම් කෝවිල පිහිටි ප්‍රදේශයට 'සංචාරයක්' පැමිණි පිරිසක් එහි වීඩියෝ පටිගත කිරීමක් සිදු කර තිබෙනවා.

එම අවස්ථාවේ 'දෙදෙනෙකු' ඈත සිට 'සටනක්' සිදු කරන අයුරුදු අහම්බෙන් මෙන් පටිගත වී තිබුණා.

දීපිකා ඝාතනයේ 'ප්‍රධාන සාක්ෂිය' බවට පත්වූයේ 'තප්පර 13ක' මෙම වීඩියෝ වයි.

දීපිකාගේ ස්කූටරය එහි දී හමුව ඇති අතර, 'කන්ද පාමුල' ඇගේ නිසල සිරුර වැතිර තිබුණා.

සහෝදරයා හා සහෝදරිය

'නිතීෂ් ගෞඩා' දීපිකා හා තිබූ 'සබැඳියාව' සැබැවින් ම 'සහෝදර බැඳීමක්' ලෙස 'දීපිකා' අදහන්න ගත් එකක්.

ඒ නමුත් අනෙක් අතට, 'නිතීෂ්' හොර රහසේ ම දීපිකාට ආදරය කර තිබුණා. (නමුත් ඒ ගැන නොදැන ඉන්න තරම් දීපිකා අවාසනාවන්ත වුණා....)

මේ 'ඇයි හොඳැයිය' පමණට වඩා වැඩි බව දැන ගත් දීපිකාගේ සැමියා ඔවුන් දෙදෙනාට 'අවවාද' කොට ඇති අතර, ඒ හේතුව නිසාම 'නිතීෂ්' ඈ සොයා නිවසට පැමිණීම නතර කර ඇති බැව් විමර්ශනවලදී හෙළි වුණා.

'එයාට මං කතා කළා! එයා ආවේ නෑ......' නිතීෂ්ගේ පාපොච්චාරණය

මේ අතර, මෙම 'ඝාතන සිදුවීම' ගැන පාපොච්චාරණය කරන 'නිතීෂ්' පවසන්නෙ ඇයට තමන් 'කතා කළ' නමුත් ඇය නොපැමිණි බවයි. (එයින් තමන් කෝප ගත් බවයි...)

'මට එයාව අතඅරින්න බැරිවුණා. මම එදා එයාට කතාකළේ මාත් එක්ක උපන්දිනය සමරන්න.. ඒත් එයා එන්න බෑ කිවුවා....'

'පස්සෙ මම එයාට 'යෝගා නරසිංහ' කෝවිලට එන්න කියලා ඉල්ලීමක් කළා. බෑ කිවුවම මම තර්ජනය කළා.... ඒ පාර තමයි එයා ආවේ...'

'ස්කූටරයෙන්' එම ස්ථානයට පැමිණි දීපිකා 'නිතීෂ්' හා වේගවත් 'සංවාදයක්' සිදු කර තිබුණා.

'දීපිකා' තමන් හා එකඟ නොවන තැන, ඇයව මරා දමන්නට 'නීතිෂ්' සැහැසි වී තිබුණා. අවසානයේ ඔහු ඈව 'අඩි 2ක්' යට පොළව යටට මිහිදන් කෙරූ බැව් 'පාපොච්චාරණය' කර තිබෙනවා.

ඇගේ මුහුණ ද අමානුෂික ලෙස 'විකෘති' කර ඇති බැව් සඳහන්.

'නිතීෂ්' විසින් ඇයව 'අපයෝජනයට' ලක් කර ඇත්දැයි සොයා බැලීම සඳහා 'දීපිකාගේ සිරුර' පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර ඇති බැව් 'ඉන්දීය මාධ්‍ය' වාර්තා කරනවා.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි.
gossip lanka