gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දිඹුලාගල පාසලක බුද්ධ ධර්මය වෙනුවට බලෙන් අන්‍ය්‍යාගමික ප්‍රශ්නපත්‍රයක් දෙයි

දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් පාසලක පහ වසර ශිෂ්‍යත්ව විභාග බුද්ධ ධර්මය පෙරහරු ප්‍රශ්න පත්‍රය වෙනුවට එම විද්‍යාලයේ වැඩ බලන විදුහල්පතිවරිය බලහත්කාරයෙන් සිසුන් පිරිසකට අන්‍යාගමික ප්‍රශ්න පත්‍රයක් ලබාදීමට එරෙහිව වහාම පරීක්‍ෂණයක් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ අද( 08 )විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් පැවසූහ.

ඒම පාසලේ හත්වෙනිදා පැවැති ශිෂ්‍යත්ව විභාග බුද්ධ ධර්මය පෙරහුරු ප්‍රශ්න පත්‍රය වෙනුවට එම විදුහලේ වැඩ බලන විදුහල්පතිය විසින් අන්‍යාගමික ‍ප්‍රශ්න පත්‍රයක් ලබාදීමෙන් එම දරුවන් දැඩි අසීරුතාවට පත්ව වූහ.

වැඩ බලන විදුහල්පතිවරයගේ එම ක්‍රියාකලාපයත් සමඟ පන්තිභාර ගුරුතුමිය ඊට විරුද්ධ වී තිබෙන අතර       ඒ පිළිබඳ දරුවන්ගේ මවුපියන්ට මෙන්ම විද්‍යාලයේ මවුපියන් සහ දිඹුලාගල මහා සංඝරත්නයේ දැඩි විරෝධයක් පළවුණි.

මෙම චෝදනාව පිළිබඳ වැඩ බලන විදුහල්පතිනියගෙන් දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට අවස්ථා කිහිපයක් උත්සාහ ගත්තද එය අසාර්ථක විය,
අනතුරුව අප දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. මුස්ලමීන් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තමා ඒ සම්බන්ධ දැනුවත් වී ඇති බවත්, ඊට එරෙහිව වහාම පරීක්ෂණයක් සිදු කරන බවත්ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka