gossip lanka

"ඒත් කිසිම කෙනෙක්ට ඇබ්බැහි වෙලා ජීවිතේම දුකක් කර ගන්න එපා.." මේ ඔහුට උපන් ආදරය වෙනුවෙන් ඇගේ හදේ වෙන්වුණ මතකයක අවසානයයි

ලෝකේ අපට ඇත්තටම ආදරය කරන්නේ කවුද..? ගොඩක් වෙලාවට ඒ ගැන කතා නම් ගොඩක් වෙලාවට තියනවා..

කෙනෙක්ට ආදරයක් කියන්නේ හිත නිවන භාවනාවක් වුණාට තවත් කෙනෙක්ට එක ලොකු බරක් , කරදරයක් වෙන්න පුළුවන්.. 

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක කතාවක්..

මේ කතාව අහන්න දකින්න ලැබෙන ඕනම කෙනෙක්ට හිතේවි , අනේ මේ වගේ ආදරයක් අහිමි වෙන එක නම් මොන තරම් දුකක්ද කියලා... මේ මුහුණු පොතේ පළවුණ එවන් සටහනක්..

"කිසිම කෙනෙක්ට ඇබ්බැහි වෙලා ජීවිතේම දුකක් කර ගන්න එපා 
මම කෙනෙක්ට ආදරේ කරා මගේ මුලු ජීවිතේම එයා කියල හිතන්. අම්ම තාත්තා රස්සාවක්වත් නැති කෙනෙක් කියල අත අරින්න කියනකොටත් ඒ අතම අල්ලගෙන කවද හරි ගෙදර අයගෙ කැමැත්ත ගන්න පුළුවන් තත්වෙකට එයා අනිවාර්යයෙන්ම එයි කියල බලාපොරොත්තුවෙන්. ඒ කාලෙ මාව බලන්න ආවම යන්න එයාට ගෙදර යන්න සල්ලි එයාගෙ පර්ස් එකට දානව මන්. මගේ උසස්පෙළෙ ප්‍රතිඵලය එනකොට එයා එක්කල යාලු වෙලා මාසයක්වත් නෑ. විශ්වවිද්‍යාලට යන්න පුළුවන් කියල දැනෙද්දි මට ඕන නම් අත අරින්න තිබුණා. කැම්පස් එකේ අවුරුදු 4ක් අධ්‍යයනය කරනකොට මට ඕන නම් අත අරින්න තිබුණා. පළවෙනි රස්සාව එයාට හොයල දුන්නෙ මගේම අයිය. ඒ මන් ඒ අත අතාරින් නෑ කියල දැනගෙන. කැම්පස් යන්න පටන් ගත්තට පස්සෙ ගිහින් ඉවර වෙනකල්ම එයා මන් වෙනුවෙන් ගොඩක් උදව් කළා. ලැප් එක පවා අරන් දුන්නෙ එයා. මන් කැම්පස් ගියෙ ගෙදර ඉදන් ඉතිම් මට ‍යන්න එන්න කන්න බොන්න දෙන සල්ලි මන් ඉතුරු කරා ඒ එයා වෙනුවෙන්. හැමදාම උදේ කෑම වේල ගන්න දෙන සල්ලියි හයිවේ යන වියදමයි මන් ඉතුරු කරා. ඒ එයා මට කරන වියදන් මට පුළුවන් උපරිමෙන් එයාට දෙන්න. එහෙම එකතු කරල මුද්දක්, බේස්ලඩ් එකක් එහෙම හදල දුන්න. මාව බලන්න එන්න එකක් නැති නිසා ගෙදර තිබ්බ මෝපෙඩ් බයික් එක දුන්න. එයා ඒක වික්ක.ආයෙම බයික් එකක් නැති නිසා බයික් එකක් ගන්න මූලික ගෙවීමට සල්ලි එකතු කරල දුන්න. ජොබ් එක කරන්න අකැමැති කියුවම බිස්නස් එකක් කරන්න එහෙනම් කියල ඉන්ටලොග් ගල් අච්චු අරන් දුන්න. එයා බිස්නස් එක පටන් ගත්ත මුල් කාලෙ චූටි දුන්න චීටි දුන්න කියල ලියල ඇති එයාගෙ ආදායම් වියදන් පොතේ. ලොකු ලොකු ගණන්නම් නෙවෙයි පුළුවන් පුළුවන් විදිහට එකතු කරපු සල්ලි. මන් චිත්‍ර අඳින්න ගත්තෙත් එයා නිසා. කැම්පස් ගිහින් ඉවර උන ගමන් මන් අපේ ගෙදරම ෂොප් එකක් දාගත්ත. ඒකටත් එයා සල්ලි දුන්න. ඒ සල්ලිවලට එදාම එයාට iphone එකක් අරන් දුන්න. වයස හරි නිසා අපේ ගෙදර අය කසාදෙ ගැන කතා කරා. එතන ඉදන් හැමදේම වෙනස් උනා.
පල්ලියේ දින දාගත්තෙ ගිය අවුරුද්දෙ දෙසැම්බර් 7 ඒ මන් එයාගෙම වෙන්න හරිම ආසාවෙන්. මගේ ආසාව වැඩි කමට ඩෙකරේෂන් වලටත් සැලූන් එකටත් සම්පූර්ණ මුදල් ගෙවුව. තව එයාට මුද්දක් හදන්න සල්ලිත් දුන්න. ඒ සේරම වතුරෙ දැම්ම වගේ එයා එක පාරටම මාව මග අරින්න ගත්ත.මන් මාස එකහමාරක් ගත්ත කෝල් මැසේජ් එකකටවත් මට උත්තර නෑ.රෑ එළි වෙනකල් නිදි නැතුව මන් ඇඬුව. බඩට කෑමක් නැතුව ඇදට වෙලා කල්පනා කරා. අන්තිමේ හැමදේම මන් හිතින් අතෑරියා ඒත් හිතේ ලොකු දුකක් තියාගෙන. ඒත් අපේ ගෙදර අය එයාට බනිනකොට මන් මගේ රත්තරන් අම්ම තාත්තා එක්කල රණ්ඩු කරා  එයාට වචනයක්වත් කියන්න ඉඩ දුන් නෑ.
මට ඕන උනේ මගේ පොඩි කාලෙ ඉදල මට තිබ්බ මුල් හීනය සැබෑ කර ගන්න. ඒ කන්‍යා සොහොයුරියක් වෙන්න මන් ඒ වෙනුවෙන් ජේසු ගාව ගොඩක් යාච්ඤා කරා. ඒත් ඒ ජේසුගෙ කැමැත්ත වෙන්න නැතුව ඇති.
එක පාරට මට ඩෙංගු හැදුන. ලොකු අමාරුවක් උන් නෑ. සතියක් යනකොට මට හෙට ටිකට් කපනව කියල ලොකු ඩොක්ටර් කියල ගියා. එදා එයාගෙ අම්ම මට කෝල් කරල මාව බලන්න එන්න ඇහුව. මන් කියුව ඉතිම් කරදර වෙන්න එපා එන්න ඕන නෑ මගේ හෙට ටිකට් කපල ගෙදර යන්න පුළුවන් කියුව කියල. ඒත් මන් එයා මට එකම එක කෝල් එකක් ගනී කියල බලන් හිටියා එහෙමම රෑ උනා මන් බලාපොරොත්තු උන කෝල් එක තියා එක මැසේජ් එකක් මට ආවෙ නෑ එයාගෙන්. අඬ අඬාම මන් නින්ද ගිහින් .....
ඒ නින්ද දවස් 5ක් යනකල් මගේ ඇස්වත් ඇරල නෑ . කොළඹ මහ ඉස්පිරිතාලෙ යවලා. ICU දාල. Oxygen දීල, කන්න දීල තියෙන්නෙ නහයෙ බටේකින්. ඒ හැමදේම වෙනකල් මන් මළමිනියක් වගේ ඔහේ ඉදල. මගේ අම්ම තාත්තා අයියා අක්ක මන් වෙනුවෙන් කරපු නැති දෙයක් නෑලු මාව බේර ගන්න. ඉස්පිරිතාලෙ ඩොක්ටර්ල මන් එක්කල පස්සෙ කියුවෙ සේරම ඇවිත් වැඳ වැඳ ඇඬුව කියල. අන්තිමේ මට සිහි එනකොට කාවවත් අදුරන්න බෑලු මට. කෝම හරි මන් හරි කල්පනාවට එනකොට මට ඇවිදින්න බෑ මගේ ඉනෙන් පහළ මට තේරෙන්නේ නෑ මුකුත්. බැලන්ස් නෑ. මළ මූත්‍ර මට ඉබේටම යනව මගේ ඇගේම.  සති තුනක් ඉස්පිරිතාලෙ ඉදල ගෙදර ඇවිත් ඒත් මට ඇවිදින්න බෑ වැටෙනව. බාතෲම් එකට යන්න කලින් මූත්‍රා පිට වෙනව. අවුරුදු එකහමාරක් යනකල් සම්පූර්ණ සුවයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි කියල ඩොක්ටරස්ලා කියුව.......
ඒ හැමදේකටම හේතුව දරාගන්න බැරි මානසික පීඩනය. ඒක මගේ මොළේ ස්නායු පද්ධතිය දුර්වල කරල. ඉතිම් කොහෙවත් යන කෙනෙක් ජිවිතේම කරන් අන්තිමේ මට ඉතුරු උනේ ඕක.
කරපු දේවල් කියවන්න හොඳ නෑ නමුත් මේ දේවල් මන් කියන්න හේතුව එච්චර ආදරේ කරපු මාව අතරමඟ තනිකරපු ඒ කෙනාට අද මන් දාර බඩුවක්ලු 
ඒ මන් අද වෙනකොට අම්මලගෙ යෝජනාවකින් වෙනත් කෙනෙක් ඒ දවසෙම කසාද බැදල නිසා වෙන්න ඇති. 
ඒත් දැන් මන් ඇත්තටම සතුටු වෙනව ඒ වගේ පහත් මානසික මට්ටමක් තිබ්බ පුද්ගලයෙක්ගෙන් ඈත් වෙන්න මට ලැබුණු අවස්ථාව ගැන.
 මූලිකම දේ නැතිඋන මැටිගලට වඩා වටිනා මැණිකක් මට ලැබුණා. ඉතිම් ජේසු දෙයක් අර ගන්නෙ ඊට වඩා ගොඩක් වටින තෑග්ගක් ඔයාට දෙන්න. ඒක ඇත්තක්. 
අවුරුදු ගානක් අඩපු මන් දැන් හැමතිස්සෙම ගුලි කාල වගේ හිනාවෙලා.  සේරටම වඩා ඉතිම් බස්සෙක් වෙනුවට ඕනදෙයක් කතා කරන්න පුළුවන් සැමියෙක් ලබන්න මන් ගොඩක් පින් කරල තියෙනව 
හරියට ඇවිදගන්නවත් බැරි මාව කසාද බදින්න තරම්
ඒ හිත කොච්චර සංවේදීද. Freeshoot එක දවසෙත් ඇදුමෙම මූත්‍ර යනකොට මාව පිළිකුල් නොකරන්න තරම් ඒ හිත කොච්චර ශක්තිමත්ද. මාව සුවකලානම් ඒ මගේ අම්ම තාත්තා අයියා අක්කවගේම එයාගෙ ඒ මානුෂීය ආදරේ නිසා. ඉතිම් මගේ පණ යනකල්ම මේ මගේ හිතත් ගතත් ඔයාගෙම විතරයි මගේ මැණික
මිදි කඩාගන්න බැරි උන නරියට මිදි තිත්ත උනාලු
ඉතිම් කොච්චර සමාජමාධ්‍යවල පවුල් පිටින් මට ගල් ගැහුවට කමක් නෑ ඒකෙන් උපරිම සතුටු වෙන්න.  මොකද මමත් දැන් ඉස්සරට වඩා ගොඩක් සතුටින්
මගේ ජීවිතේට එකදිගටම ආව ප්‍රශ්න නිසා මට මගේ ෂොප් එක වහන්න උනා. මේ පේජ් එකත් හරියට කර ගන්න බැරි උනා ඒ ගැන කණගාටුයි.."
gossip lanka