gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බැසිල් මහත්තයාගේ විශ්වාසවන්තයා! පොහොට්ටුවෙන් ඡන්දේ ඉල්ලලා පැරදුණු, අශේන් සේනාරත්නගේ මාමණ්ඩිගේ වතගොත මෙන්න

යූටියුබ්' මාධ්‍යයේ වගේ ම 'සමාජ මාධ්‍ය' තුළත් අතිශය ජනප්‍රිය 'අශේන් සේනාරත්න' පසුගිය දිනෙක යුගදිවියට පිවිසුණා.

අශේන්ගේ අත ගත් 'සුන්දර රුවැත්තිය' වුණේ 'ශිනාධි පෙරේරා'.

අශේන්ගේ විවාහයත් එක්ක 'ශිනාධි' ගැනත් හොයන්න බොහෝමයක් 'සමාජ මාධ්‍ය පරිශීලකයින්' උනන්දු වුණා.

කවුද මේ ශිනාධි???
'ශිනාධි පෙරේරා' කියන්නෙ ගම්පහ ප්‍රදේශයේ 'දේශපාලන' මෙන්ම 'ව්‍යාපාරික' පවුලක එකම දියණිය.

ඇගේ පියා නමින් මෙරිල් පෙරේරා.

ඔහු 'ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ' ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයට පසුගිය වර ඉදිරිපත් වී 'මනාප හැටහය දහස් හසයි දහතුනක්' දිනාගනු ලැබුවා. (යන්තමින් පාර්ලිමේන්තු වරම් ඔහුට අහිමි වුණා....)

'බැසිල් රාජපක්ෂ'ගේ ද විශ්වාසවන්තයෙකු ලෙස සැළකෙන ඔහු 'ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ' ජා ඇල ආසන 'කැඳවුම්කරු' ද වනවා.

එසේ ම 'මෙරිල් පෙරේරා' කායවර්ධන උපකරණ හා සම්බන්ධ 'ව්‍යාපාරයක' හිමිකරුවෙක් ද වනවා.

'ශිනාධි' හැරුණුකොට තවත් පුතුන් දෙදෙනෙක් ද ඔහුට ඉන්නවා.

'අශේන් සේනාරත්න' ද ඒ සමයේ දේශපාලන වේදිකාවේ 'අතිවිශාල' කාර්ය භාරයක් සිදු කෙරූ අතර, ඔහු 'සමගි ජන බලවේගය' වෙනුවෙන් කිහිප වතාවක් ම 'දැන්වීම්' සඳහා පෙනී සිටියා‍.

'ඉරාජ් වීරරත්න' ඔහු නිර්මාණය කළ ආන්දෝලනාත්මක දේශපාලන 'මඩ ප්‍රහාර' වලටත් 'අශේන්' ඉලක්ක කර ගැනීම කැපී පෙණුනු සිදුවීමක් වුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka