gossip lanka

නොකියාම ජෝර්දානයේ ෆැක්ටරි 02ක් වහලා – ශ්‍රී ලාංකිකයන් 66ක් ආපහු ලංකාවට!

ජෝර්දානයේදී රැකියා අහිමිවූ ශ්‍රී ලාංකිකයන් 66 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් යළි දිවයිනට පැමිණ තිබේ.

වාර්තා වන පරිදි, මෙම පිරිස සේවය කළ ජෝර්දානයේ කර්මාන්තශාලා දෙක පවත්වාගෙන ගිය ආයෝජකයන් පෙර දැනුම් දීමකින් තොරව ඒවා වසාදමා ඇත.

ඒ අනුව එම පිරිස අද (9) කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළින් (BIA) යළි දිවයිනට පැමිණ ඇත.
gossip lanka