gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'ඒ කොල්ලා මැද්දට ඇවිත්, අත්දෙක දෙපැත්තට දැම්මා! මූණේ හිනාවකුත් තිබුණා!': දාහතරේ දරුවා දුම්රියට බිලිවූ හැටි, රියදුරු කියන කතාව

හබරණ සිට ත්‍රිකුණාමලය බලා ගමන් කරමින් තිබුණු 'සාමාන්‍ය බඩු දුමරියක' ගැටී මියගිය 'සිසුවෙක්' ගැන 'දුක්මුසු ප්‍රවෘත්තියක්' පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යයේ සැරිසරන්නට වුණා.

අනතුරින් මියගිය සිසුවා '14 හැවිරිදි' වියේ පසුවන බවත්, ඔහු තිදෙනෙකු සිටිනා පවුලේ 'දෙවැන්නා' බවටත් තොරතුරු අනාවරණය වී තිබුණා.

සැබැවින් ම 'අබිරහසක්' වූ මෙම මරණය ගැන, පසුගිය සමයේ 'සමාජ මාධ්‍ය' තුළ ත් ලොකු කතාබහක් ඇතිවුණා.

දුම්රිය රියදුරු කියන අමුතු කතාව

මේ 'මරණය' සම්බන්ධයෙන් කරුණු කියන 'දුම්රිය රියදුරු' සඳහන් කරන්නෙ, අනතුරු සිය ගණනක් දැක ඇති තමන් මේ දරුවාගේ මරණය දැක 'විමතියට' පත්වූ බවයි.

'මම දුම්රිය ධාවනය කරමින් සිටියේ මොල්ලිපොතාන පෙදෙසේ වේගය පැයට කිලෝමීටර් 40කට සීමා කර තිබූ සීමාවේ. ඒ අනුව නියමිත වේගයෙන් දුම්රිය ඉදිරියට යනකොට දරුවන් කිහිපදෙනකු දුම්රිය බෝක්කුවක් මත සිටිනවා දැක දුම්රිය නළාව ශබ්ද කළා. එතකොට මීටර් 200ක පමණ දුරක් තිබුණා. එම ශබ්දයට අනෙක් දරුවන් දුම්රිය මාර්ගයෙන් ඉවතට දිව ගියත් මේ දරුවා දුම්රිය මාර්ගයට සමාන්තරව බෝක්කුව පසුවන තෙක් ඉදිරියට ගියා....'

'එවිට මම නළාව ශබ්ද කළා. මේ දරුවා දුම්රිය මීටර් පහක් පමණ ලංවෙනකොට දුම්රිය මාර්ගය මැදට ඇවිත් දෙපැත්තට අත්දෙක විහිදුවලා හිටියා. එයාගේ මුහුණේ හිනාවකුත් තිබුණා. මගේ සේවා කාලයේ දී අනතුරු සිය ගණනක් දැක තිබුණත් මේ විදියට දරුවෙක් හිනාවෙලා දුම්රියට පැනලා නෑ.'

දරුවාට මානසික රෝගයක් තිබුණාද?

'ඔහුට මානසික රෝගයක් තිබුණේ නෑ,' යනුවෙන් මව්පියන් සඳහන් කළා වුවත්, දරුවාගේ 'ලොකු අම්මා' මරණ පරීක්ෂණයේ දී වෙනස් ම කතාවක් කියා තිබුණා.

'මේ පවුල ලොකු ආර්ථික දුෂ්කරතාවයක හිටියා. නිතරම දරුවා කෑම ඉල්ලගෙන මෙහේ එනවා.....'

කෙසේ වෙතත්, සැබැවින්ම මේ මරණයට 'සැබෑ හේතුව' තවමත් අනාවරණය වී නැහැ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka