gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මම ප්‍රවෘත්ති කියද්දි රසිකයන්ට දැනෙන්නේ තමන්ට ළඟ ළෙන්ගතු කෙනෙක් ප්‍රවෘත්ති කියනවා වගේ හැඟීමක්” – චතුරිකා

පසුගිය දවසක ස්වර්ණවාහිනී ආයතනය අලුත්ම වැඩකට අත ගහලා තිබ්බා.

බොහෝ දෙනෙක් මේ සඳහා හොඳ කිව්වා වගේම තවත් දෙනෙක් මේ දේ වැරදියි කියන දෙත් ප්‍රසිද්ධියේ කියලා තිබුණා.

මේ විදිහට ස්වර්ණවාහිනී ආයතනය අලුතෙන්ම ආරම්භ කරපු වැඩසටහන තමයි දශක කීපයකට කලින් රංගන ශිල්පීන් විදිහට කලාවට එන්න ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාවන් විදිහට ක්ෂේත්‍රයට එන්න සුදුසුකම් ලැබූ කලාකරුවන් කීපදෙනෙකුට ප්‍රවෘත්ති කීමට අවස්ථාව ලබාදීම.

ඇත්තටම මේක සුවිශේෂී අවස්ථාවක්.ලංකාවේ ප්‍රථම වතාවට තමයි මේ විදිහට රංගන කටයුතුත් එක්ක සම්බන්ධ වෙච්චි අය ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න සහභාගී වුණේ.ඒ අතරින් චාන්ස් එක ලබපු එක්කෙනෙක් තමයි චතුරිකා පීරිස් කියන්නේ.

ඇය 2002 වර්ෂයේ දී තමයි රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට වෘත්තිය තෝරගත්තේ.

හැබැයි ඒත් එකම ඇයට රඟපාන්න අවස්ථාව ලැබුණා.

ජාතික රූපවාහිනයේ තිබුණු නීතියත් එක්ක ප්‍රවෘත්ති නිවේදිකාවකට වෙනත් නිර්මාණ සඳහා දායක වෙන්න බැහැ.

හැබැයි මේ වෙද්දි ඒ නීතිය වෙනස් වෙලා.කොහොම නමුත් එදා සර්ව සම්පූර්ණ කරගන්න බැරි උන හීනය අද ඇය සාර්ථක කරගෙන.ඒ සම්බන්ධයෙන් චතුරිකා කිව්වේ මේ වගේ කතාවක්

“පසුගිය කිසිම දේකට මම පසුතැවෙන්නේ නැහැ. මොකද මම හිතන්නේ හැමදේම වෙන්නේ හොඳට කියලා. මම ප්‍රවෘත්ති නිවේදිකාවක් විධියට දිගටම  ඉන්නවට වඩා අද වෙද්දි මිනිස්සු අතරට ගිහින් තිබෙනවා. දැන් මම ප්‍රවෘත්ති කියද්දි රසිකයන්ට දැනෙන්නේ තමන්ට ළඟ ළෙන්ගතු පවුලේ කෙනෙක්  ප්‍රවෘත්ති කියනවා වගේ හැඟීමක්. මම හිතන්නේ නැහැ එතැනදී මට වරදක් වුණා කියලා. මම  රංගනයේ යෙදෙනවා වගේම, ගායනය පැත්තෙන් මට පුළුවන් දේවල් කරනවා. ඒ වගේම නිවේදන වෘත්තියේත් යෙදෙනවා. මම හිතන්නේ නැහැ ප්‍රවෘත්ති නිවේදනය කියන දේ වෙනම කැටගරයිස් වෙන දෙයක් කියලා. අපි කරන දේ අවබෝධයෙන්,  හරියට කරන්න අවශ්‍යයි. ඉතිං මම හිතනවා මේක මට නාට්‍ය නොබලන නිව්ස් විතරක්ම බලන පිරිස අපිත් එක්ක රඳවාගන්න  ලැබුණු හොඳ අවස්ථාවක් කියලා.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka