gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'මාස තුනක් යනකම් බබා ගාවට එන්න බැහැ. මොකද කිළි අහුවෙන නිසා' - එදා ඔබේ ආදරය දිනූ 'භාග්‍යා ගුරුසිංහ'ගේ කැදැල්ලට අද වෙලා තියෙන දේ?

ඒ සමයේ 'රූපවාහිනි වෙළඳ දැන්වීම්' තුළිනුත්, ටෙලි තිරයේ 'රස කතා' වලිනුත් ඔබට මුණ ගැහුනු ඒ සුන්දර රුවැත්තිය ව මතකද??? ඈ නමින් 'භාග්‍යා ගුරුසිංහ'.

ඉතාමත් ඉක්මණින් 'ටෙලි තිරය' ආක්‍රමණය කළා හා සමානව 'සිනමාව' ඇතුළෙත් 'විප්ලවයක්' නොවුණ මුත් යන්තම් හෝ ප්‍රේක්ෂකයින්ට මතක හිටින චරිතයක් වෙන්න ඇය 'වරම්' ලැබුවා.

ඒ වුණත් 'කාලයාගේ ඇවෑමෙන්' ඈ ගැන 'හාංකවිසියක්' නැති වෙනවා. (ඒ කියන්නෙ ඈ අස්ථානගත වෙනවා.)

ඒ දේ වෙන්නෙ ඇගේ 'විවාහයත්' එක්ක. ඈ අත ගත් 'මනාලයා' කතරම දේවාලයේ 'කපු මහත්මයෙක්.'

කාලෙකට කලින් 'ඈ' සැමියා ගැන කියූ කතාවකුත් ප්‍රේක්ෂකයින් අතර බොහෝ කතාබහට ලක්වනවා.

'මම විවාහ වුණේ කතරගම දේවාලේ කපු මහත්තයෙක් එක්ක. ඇත්තටම මගේ මහත්තයා මාස තුනක් යනකම් මම වත් බබාවත් බලන්න ගෙදර නම් ආවෙ නැහැ. අපි නිතරම වීඩියෝ කෝල් වලින් තමයි කතා කළේ. ඒකට හේතුව තමයි එයා දේවාලේ වැඩ කටයුතු කරන නිසා මාස තුනක් යනකම් බබා ගාවට එන්න බැහැ. මොකද කිළි අහුවෙන නිසා.'

'ඒ විදිහට පරිස්සම් වෙලා ඉඳලා එයා ගෙදර එද්දි ගෙදර කහ වතුරෙන් සෝදලා පිරිසිදු කරලා තිබ්බා. එයා දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක් නේ රජෙක් එනවා වගේ තමා...'

කොහොම වුණත් කාලය බොහෝම ගෙවිලා. දැන් 'ඈ' දරු පැටවුන් තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඇගේ 'කැදැල්ල' මෑතක වෙනස් වුණේ (ඇත්තටම ලස්සන වුණේ) ඒ 'අලුත් පැටියා'ගේ ආගමනයත් එක්ක.

කාලයක් තිස්සෙ බලන් හිටියා වුණත් 'ප්‍රේක්ෂකයින්'ට භාග්‍යාගේ අලුත් 'පැටියාගේ' මූණ බලන්න බැරිවුණා. ඔන්න දැන් ඈ 'අලුත් පින්තූර' ගොඩක් 'ඉන්ස්ටග්රෑම්' දාලා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka