දක්ෂිත අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසල පසුගිය 22 වැනිදා සිදු කරන ලද පංච පුද්ගල ඝාතනයට අදාළ තවත් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බෙලිඅත්ත පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිඥයකු මාර්ගයෙන් පොලිසිය හමුවට ඉදිරිපත් වූ අවස්ථාවේදීය.
අකුරැස්ස ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු වයස අවුරුදු විසි හතරක් වන අයෙක් බව පොලිසිය කියයි.