gossip lanka

''මම හිතන්නෙ නෑ මේක පූජාගේ අවසාන චිත්‍රපටය කියලා. මම විශ්වාස කරනවා පූජා නැවතත් එයි....'' - පූජා ගැන හේමාල්ගෙන් සුබ පණිවිඩයක්!

සිංහල සිනමාවේ අපූරු සලකුණක් නිර්මාණය කරන්නට හැකියාවක් ලැබුණු අග්‍රගන්‍ය සිහින තරුව , යෞවනයේ සිහින කුමරා නැතිනම් තරුණියන්ගේ වැඩිම ආකර්ෂණය හිමි කඩවසම් නළුවෙකු කිවුවෙත් මා නිවැරදි යැයි මා සිතනවා .

කඩවසම්භාවය හා දක්ෂතාවය ම නිසා මෙතරම් ජනාදරයට පත්ව ඇති මොහු හිංදි නළුවෙකුට සමාන ආකර්ශනීයත්වයක් උසුලනවා .

ලාංකිය තරුණියන් වැඩිම දෙනෙකුගේ සිහින කුමරා නම් මොහු නමින් හේමාල් රණසිංහයි.

1984 අගෝස්තු 25 මාතලේ දී මෙලොව උපත ලැබු ඔහු, නමින් හේමාල් රණසිංහ නොහොත් හේමාල් සචින්ද්‍ර රණසිංහ යි.

සිහිනයකි ආදරේ එක්ක යළි කතාබහට ලක්වුණු තාරකාවකි, ජනප්‍රිය නිළි පූජා උමාංශකර්.

ඉතින් සිහිනයකි ආදරේ ප්‍රචාරක කටයුතු අතරතුර, හේමාල් ද මේ විදියට පූජා ගැන කතා කරලා තිබුණා…

”පූජා මෙතන හිටියා නම් හරි ලස්සනයි කියලා මට හිතුණා.මම හිතන්නෙ නෑ මේක පූජාගේ අවසාන චිත්‍රපටය කියලා.පූජා තවදුරටත් ලංකාවේ සිනමාවේ රැඳී ඉන්න ඕනි නිළියක් කියලා මම ප්‍රේක්ෂකයෙක් හැටියට විශ්වාස කරනවා.ඒ වගේම මේ ලංකාව ඇතුළෙ පූජාට තියෙන ප්‍රේක්ෂකාගාරය කොච්චරක් ද කියන එක අපි සියලුදෙනා දන්නවා.මම විශ්වාස කරනවා පූජා නැවතත් චිත්‍රපට කර්මාන්තයට එයි කියලා, ප්‍රේක්ෂකයින්ගේ ආදරය බෙදාගන්න…”
gossip lanka