gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'මාරයා මට මිස් කෝල් ගහනවා!!!','මෙයා එසේ මෙසේ එකෙක් නෙවෙයි!! ඝාතනයකුත් කරලා??': සනත් නිශාන්තගේ රියදුරා දාපු තවත් 'ෆේස්බුක් පෝස්ට් එකක්' එළියට

'සනත් නිශාන්ත' හිටපු අමාත්‍යවරයාගේ 'මාරක රථ අනතුර' පසුගිය සමයේ අතිශය කතාබහට ලක්වූ අතර, ඒ සම්බන්ධයෙන් වන 'සැක මුසු' තැන් බොහෝමයක් ගැනද සමාජ මාධ්‍යයේ තොරතුරු හුවමාරු වුණා.

සනත් නිශාන්තගේ බිරිඳ 'චමරි ප්‍රියංකා', අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 'පැමිණිල්ලක්' ද ඉදිරිපත් කරන්නෙ ඉන් අනතුරුවයි.

කෙසේ වෙතත්, අමාත්‍යවරයාගේ වාහනය හා 'සමාන්තරව' ගමන් කෙරූ තවත් කිසිදු 'සුදු පැහැ රථයක්' සොයා ගැනීමට විමර්ශන නිලධාරින් ට හැකි වූයේ නැහැ. (ඒ මොහොතේ අධිවේගයේ ගිය එකම සුදු පැහැ රථයත් ගමන් කර ඇත්තේ අනතුර සිදු වීමට පැය කිහිපයකට කලිනුයි...)

කෙසේ වෙතත්, පසුගිය දිනෙක චමුදිත සමරවික්‍රම සමඟ 'වැඩසටහනක්' සඳහා එක් වුණු මාධ්‍යවේදී 'කීර්ති රත්නායක' සඳහන් කළේ, මෙම 'සනත් නිශාන්ත අනතුර' හරහා අනුකම්පාව දිනා ගැනීමේ 'දේශපාලනික න්‍යාය පත්‍රයක්' ක්‍රියාත්මක වන බවයි.

'රාජපක්ෂගේ අනුගාමීකයෙක්... මේ කරන්නෙ අනුකම්පාව දිනාගැනීමක්. බිරිඳ කියලා තිබ්බනේ ඉල්ලීමක් ලැබුණොත් එනවා කියලා......'

රියදුරුගේ ක්‍රියාවන් සැක සහිත නැද්ද? ඔහු අනතුරට කලින් දාපු පෝස්ට්? එතකොට ඔහුගේ හැසිරීම????

'මේ සනත් නිශාන්තගේ ඩ්‍රැයිවර් මීට කලින් දාලා තිබුණා මාරයා මට මිස්කෝල් ගහනවා කියලා, අවුරුදු කීපෙකට කලින් දාලා තිබුණා. දැන් ඔය පස්සෙ දාපු එක නියම පෝස්ට් එකක්ද කියලා තාම සැකයක් තියනවා. ඒ ගැන පරීක්ෂණ තාමත් තියනවානේ....'

'මේ හැම සිදුවීමක තියෙන්නෙ, මේ රියදුරා කලින් අනතුරු කරලා තියනවා, මනුෂ්‍ය ඝාතන කරලා තියනවා. එතකොට මේ පුද්ගලයාව රියදුරු විදිහට තියාගත්ත සේරම දෙනා මේකට වග කියන්න ඔිනි....'




අනතුර සිදු වූ මොහොතේ අමාත්‍යවරයාගේ වාහනයේ තිබූ බැව් කියන 'පාර්සල් දෙක' සම්බන්ධයෙන් ද ඔහු මෙවැනි අදහස් දැක්වීමක් සිදු කළා.

'මං ගාව ඒ හැමදෙයක් ගැනම සාක්ෂි තියනවා. කරුණු තියනවා. මේ රිය අනතුර සිදුවුණාට පස්සෙ එතැන හිටපු පුද්ගලයෙක් දැකලා තියනවා, මේ වාහනයේ තිබුණු පාර්සල් වගයක් අධිවේගී මාර්ගයේ පොලිසිය හරහා අමාත්‍යවරයාගේ පාර්ශවයකට ලබාදෙනවා....'

මේ අතර, තමන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් 'ඩෑන් ප්‍රියසාද්' පැමිණිල්ලක් සිදු කිරීම ගැන ද 'කීර්ති රත්නායක' මෙසේ කියා තිබුණා.

'මේ පුද්ගලයා කරපු වැඩසටහන අහන්නෙත් නැතුව කළුවා මාරපන් ගියා වගේ හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා වගේ වැඩක් කළේ.. ඒකෙන් සනත් නිශාන්තගේ පාර්ශවයටත් අගතියක්නේ වෙන්නෙ....'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka