gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැල්ල­වත්තේ අපාර්ට්මන්ට් එකේ 8 වන මහළින් පැන මියගිය ජාත්‍යන්තර පාසල් ගුරුවරිය

වැල්ල­වත්ත දයා පාරේ පිහිටි මහල් නිවාස සංකී­ර්ණ­යක පදිං­චිව සිටි ජාත්‍ය­න්තර පාස­ලක හිටපු ගුරු­ව­රි­යක 08 වන මහ­ලින් බිමට පැන දිවි නසා ගැනීමේ සිදුවීමක් පෙරේදා සවස වාර්තා විය.

මේ කාන්තාව දිවි නසා ගන්නා ලදැයි පැව­සෙන අව­ස්ථාවේ ඇය පදිං­චිව සිටි මහල් නිවා­සයේ දෙවෙනි මහලේ ඇයගේ එකම පුතා පාඩම් කර­මින් සිට ඇති අතර ඇයගේ සැමියා යම් කාර්ය­යක් සඳහා බැහැ­රට ගොස් තිබිණි.

ඒ අව­ස්ථාවේ මේ කාන්තාව මහල් නිවාස සංකී­ර්ණයේ අට­වන මහලේ බැල්ක­නිය අස­ලට ගොස් පුටු­වක් තබා පුටු­වට නැඟ බිමට පැන දිවි නසා­ගෙන ඇති බවට සාක්ෂි හමුවී තිබේ.

මෙලෙස දිවි නසා­ගෙන ඇතැයි පැව­සෙන්නේ 49 හැවි­රිදි ප්‍රේමිලා ඥාන ගනේ­ෂන් නමැති එක්දරු මවකි. ඇය කොළඹ ප්‍රකට ජාත්‍යන්තර පාසලක ඉගැන්වීම් කර මේ වනවිට විශ්‍රාම ලබා සිටි ගුරුවරියකි.මේ සිදු­වීම පෙරේදා (08) සවස 4.30ට පමණ සිදු වී ඇති අතර 

මෙය සම්බ­න්ධ­යෙන් වැල්ල­වත්ත පොලි­සිය මඟින් විම­ර්ශ­න­යක් ආරම්භ කර තිබේ.

කාන්තාව යම් මාන­සික රෝගී තත්ත්ව­ය­කින් දීර්ඝ­කා­ලී­නව පෙළෙ­මින් සිට ඇති බවත් එම රෝගී තත්ත්ව­යට ප්‍රති­කාර ගනි­මින් සිට ඇති බවත් පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී තිබේ.

වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි පාසල් ගුරුවරියක එහි 8 වැනි මහලෙන් බිමට පැන සියදිවි නසාගෙන ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි.

වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් කහලවල මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී. රංගන සිල්වා, පොලිස් සැරයන් බණ්ඩාර යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ කරති.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka