gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉක්වදෝරයේ අවිගත් කල්ලියක් රූපවාහිනී ආයතනයකට රිංගයි - මාධ්‍යවේදීන් ඇතුළු 10 දෙනකු ප්‍රාණ ඇපයටත් ගනී!

ආයුධ සන්නද්ධ කල්ලියක් ඉක්වදෝරයේ රූපවාහිනී ආයතනයක සජීවි වැඩසටහනකට කඩාපැන මාධ්‍යවේදීන් ඇතුළු 10 දෙනකු ප්‍රාණ ඇපයට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉක්වදෝරයේ මුහුදුබඩ නගරයක් වන ගොයාකිල් නුවර පිහිටි ටීසී නමැති රූපවාහිනී නාලිකාවේ සජීවි වැඩසටහනකට කඩාවැදුණු එම කල්ලිය වැඩසටහන මෙහෙයවමින් සිටි මාධ්‍යවේදියා ඇතුළු කාර්ය මණ්ඩලයේ 10 දෙනකු ප්‍රාණ ඇපයට ගත්, පසුව පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ එය මැඬ පවත්වා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගත් බවත් වැඩිදුරටත් වාර්තා වේ.

අවිගත් කල්ලියේ සාමාජිකයන් 13 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඔවුන් සතුව තිබූ තුවක්කු, අත් බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය රැසක් පොලිසිය භාරයට ගෙන ඇතැයි වාර්තා වේ.

මේ සිදුවීම වාර්තා වන්නේ පෙරේදා එරට අධිආරක්ෂිත බන්ධනාගාරයක රඳවා සිටි නම ගිය අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඇඩොල්ෆෝ විලමාර් සිර මැදිරියෙන් පලා යෑම හේතුවෙන් ඉක්වදෝරයට මාස 2ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ උණුසුම අතරතුරදීය. අපරාධකරු සිරෙන් පැනයෑමත් සමඟ ඉක්වදෝරයට දින 60ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති ඩැනියෙල් නොබෝවා පියවර ගත් අතර, සෑම දිනකම රාත්‍රී 11.00 සිට අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය ද පනවා තිබේ. අභ්‍යන්තර ආයුධ සන්නද්ධ ගැටුම් සැලකිල්ලට ගෙන වීදි බැස එය මැඬ පවත්වන ලෙස ජනාධිපතිවරයා හමුදාවට නියෝග කර ඇතැයි ද වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka